මෙරට ඊශ‍්‍රායල සංචාරකයන්ට දැඩි ආරක්‍ෂාවක්...

 


මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය සැළකිල්ලට ගනිමින්, දිවයිනේ ප්‍රධාන සංචාරක කලාපවල ආරක්ෂාව උපරිම මට්ටමින් පවත්වාගෙන යාමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

විශේෂයෙන්ම ආරුගම් බොක්ක ප්‍රදේශයේ රැඳී සිටින ඊශ්‍රායල සංචාරකයන්ගේ සංඛ්‍යාව මේ වන විට අවම මට්ටමක පැවතියද, එම ප්‍රදේශය සඳහා දැඩි ආරක්ෂක රැකවල් යොදවා ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය (STF) ඒකාබද්ධව දිවයිනේ ප්‍රධාන සංචාරක කලාප ආවරණය වන පරිදි පැය 24 පුරා ක්‍රියාත්මක වන විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් දියත් කර ඇත.

වර්තමානය නැගෙනහිර වෙරළ තීරයේ සංචාරක කර්මාන්තයට නිවාඩු සමයක් බැවින් සංචාරකයන්ගේ අඩුවක් දක්නට ලැබේ. මේ වන විට ආරුගම් බොක්ක ප්‍රදේශයේ රැඳී සිටින්නේ ඊශ්‍රායල ජාතිකයන් 40ත් 50ත් අතර පිරිසක් පමණි.

යුදෙව් සංචාරකයන් සඳහා ආගමික හා ප්‍රජා සේවා සපයන ‘වබාද්’ (Chabad) නිවාස මෙරට පිහිටා තිබීම හේතුවෙන්, ඊශ්‍රායල ජාතිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද දැඩි අවධානයක් යොමුව තිබේ.

ආරුගම් බොක්ක ප්‍රදේශයේ පිහිටි වබාද් නිවස මේ වන විට වසා දමා ඇති අතර, එම තත්ත්වය ආරක්ෂක කටයුතු වඩාත් පහසුවෙන් කළමනාකරණය කිරීමට ඉවහල් වී ඇති බව වාර්තා වේ.

මෙම ආරක්ෂක වැඩපිළිවෙළේ මූලික අරමුණ වන්නේ මෙරටට පැමිණෙන සියලුම දේශීය හා විදේශීය සංචාරකයන්ට අවශ්‍ය උපරිම ආරක්ෂාව තහවුරු කිරීම බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා වැඩිදුරටත් අවධාරණය කළේය


2 Comments

  1. ඔව් ඉතින්. ඒ අහිංසක මිනිස්සු මොනව කරන්නද. රටේ පාලකයා ගොනෙක් උනා කියලා. අපේ රටෙත් ඉන්නේ දාර වස්සෙක්. අපි මොනව කරන්නද ඌ කරන ගොන් කම් වලට.

    ReplyDelete
    Replies
    1. තමුන්ගේ රටේ මිනිසුන්ට බෝම්බ ගහන දිනපතා රටේ මිනිස්සු මරන්න මරාගෙ න මැරෙන බෝම්බ කාර යන් ලමයින් එවන ත්‍රස්වාදීන් විනාස කරන එක ගොං කමක් වෙන්නේ ඒ ත්‍රස්වාදීන්ගෙ අදහස් අනුමත කරන ත්‍රස්වාදීන්ට පමනයි.තමුසෙ කියන විඳියට බැලුවොත් අපේ මහින්දත් වැරදියි කෝටි මරපු එක.තමුසෙ අදහන දේ ලොකයේ බුද්ධිමත් උගත් මිනිස්සු අනුමත කරන්නේ නෑ අන්තවාදීන් අනිවාර්යෙන් විනාශ කරන්න ඕන Nethanyahu කියන්නේ දේශප්‍රේමී නායකයෙක්

      Delete
Previous Post Next Post