තෙල් පෝලිම් මැද ගෑස් පෝලිම්ද එයි..


කොළඹ නගරය මෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල ද වෙළඳපොළ තුළ ගෑස් සැපයුම සීමා වීම නිසා මහජනතාව දැඩි පීඩාවකට පත්ව සිටිති.  

ලිට්‍රෝ සහ ලාෆ්ස් යන ප්‍රධාන සමාගම් දෙකෙහිම නිෂ්පාදන හිඟ වීම නිසා, බොහෝ ප්‍රදේශවල අලෙවි මධ්‍යස්ථාන වසා දැමීමට වෙළෙඳුන් පියවර ගෙන තිබුණි. ඇතැම් ප්‍රදේශවල සති කිහිපයක සිටම නිසි පරිදි ගෑස් සැපයුමක් නොලැබෙන බව වාර්තා වේ.

කලාතුරකින් වෙළඳසලකට ගෑස් තොගයක් ලැබුණද, එය මිලදී ගැනීමට ජනතාව දිගු පෝලිම් ගැසී සිටිති.

අලෙවිසල් වෙත ලැබෙන සීමිත සිලින්ඩර ප්‍රමාණය පෝලිම්වල රැඳී සිටින පිරිසට සාපේක්ෂව ඉතා අල්ප බැවින් බොහෝ දෙනෙකුට හිස් අතින් හැරී යාමට සිදු වේ.

බොහෝ අලෙවිසල් ඉදිරිපිට "ගෑස් අවසන්" බව දන්වන දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කර ඇති අතර, විවෘතව පවතින ස්ථානවල පාරිභෝගිකයන් සහ වෙළෙඳුන් අතර නොසන්සුන්කාරී වාතාවරණයක් ද හටගෙන තිබේ. 

පැය ගණනාවක් පෝලිම්වල රැඳී සිටියද, අවසානයේ හිස් සිලින්ඩරයම රැගෙන ආපසු නිවසට යාමට සිදුවීම ජනතාවගේ දැඩි දෝෂදර්ශනයට හේතු වී ඇත.

8 Comments

  1. තාමත් අප්‍රසිද්දියේ අපුල්ලන නිසා හොදයි. නැත්නම් තොපි ඩෝබිලා කෙස් වල්ලෙන් ඇදන් යන්නෙ මිනිස්සු. පිටරට ඉදන් ඩෝබි කම් කරපු එවුන්ටත් ලංකාවට එන්න වෙලා. හාම්පුත්තු යන්න කියනවා පඩි දෙන්න බෑ කියලා.

    ReplyDelete
    Replies
    1. Hari uba awanam ubalage Ammalage gedarin da Gas & Oil genne? Pala pako yanna

      Delete
    2. ඩෝබිලට දැන් ඉතුරු වෙලා තියෙන්නේ උංගෙ පක්ෂෙ බාසාව වන කුණුහරුප විතරයි

      Delete
  2. ඩෝබිලාට රෙවුනාම උන්ව අපුල්ලන්න එවුන් නැති නිසා ඩෝබිලාට තරහ යනවා.

    ReplyDelete
  3. ලපයාගේ සාපය

    ReplyDelete
  4. Kalu. Kota, kuru saapaya ratata wedila

    ReplyDelete
  5. Me polim patan gaththe madaperadiga udde patan ganna kalin...uddeta sathiyakata dekakata kalin indalama anduwa revila hitiy..dan udde pitin danna try karanawa..handigavila yanna one kalakanni wada bari jeppo..kaiya gahanna vitharai danne.kunuharpa kiya kiya

    ReplyDelete
Previous Post Next Post