විදුලිය භාවිතය අඩු කරන්න.. අපට රට ලොක්ඩවුන් කරන්න බෑ..- හදුන්නෙත්ති

 


රටේ ආර්ථිකය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරමින් සහාය ලබා දෙන ලෙස කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා මහජනතාවගෙන් සහ පළාත් පාලන ආයතනවලින් ඉල්ලීමක් කරයි.

ඇමතිවරයා පෙන්වා දෙන්නේ වර්තමානයේ පවතින දැඩි රශ්මිය සහිත දේශගුණික තත්ත්වය හේතුවෙන් ජලාශවල ජල මට්ටම් පහළ බැස ඇති අතර, මේ නිසා විදුලිය උත්පාදනය සඳහා වැඩි වශයෙන් ඩීසල් වැනි ඉන්ධන භාවිත කිරීමට සිදුවන බවයි. 

මේ හේතුවෙන් විදුලිය ඉතිරි කිරීම යනු සෘජුවම ඉන්ධන ඉතිරි කිරීමක් වන අතර, එමඟින් රටේ ආර්ථිකයට මෙන්ම පුද්ගලිකව තමන්ගේ වියදම් පාලනය කර ගැනීමට ද මහජනතාවට හැකියාව ලැබෙන බව ඔහු අවධාරණය කළේය.

විශේෂයෙන්ම රාත්‍රී 6 සිට 10 දක්වා වූ උපරිම විදුලි ඉල්ලුම පවතින කාලය තුළ ප්‍රධාන නගරවල සහ අතුරු නගරවල ආරක්ෂාවට බාධාවක් නොවන පරිදි අනවශ්‍ය විදුලි පහන් සහ වෙළඳ ප්‍රචාරක පුවරු සඳහා භාවිත කරන විදුලිය නිවා දමන ලෙස ඇමතිවරයා ප්‍රාදේශීය සභා මට්ටමින් සහ වෙළඳ ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

මහජනතාවට කළ හැකි සරල කැප කිරීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ නිවෙස්වල දැල්වෙන විදුලි පහන් සංඛ්‍යාව සීමා කිරීම සහ රෙදි සෝදන යන්ත්‍ර වැනි විදුලිය වැඩිපුර වැයවන උපකරණ භාවිත කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු බවයි. 

රශ්නය වැඩි අවස්ථාවලදී වායුසමීකරණ යන්ත්‍ර (AC) හා විදුලි පංකා භාවිතය ඉහළ යාම නිසා විදුලි ඉල්ලුම ද ඉහළ යන බැවින් ඒ පිළිබඳව ද අවධානය යොමු කිරීම වැදගත් බව ඔහු පෙන්වා දුන්නේය.

කොවිඩ් සමයේ මෙන් රට ලොක්ඩවුන් කිරීමේ හැකියාවක් වර්තමානයේ නොමැති බවත්, ධීවර, සංචාරක සහ කර්මාන්ත ඇතුළු සියලු ආර්ථික ක්‍රියාවලීන් අඛණ්ඩව පවත්වාගෙන යාමට නම් මෙලෙස විදුලිය පිරිමසා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බවත් ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් කියා සිටියේය. 

මෙය ආණ්ඩුවට පමණක් තනිව කළ හැකි දෙයක් නොවන බැවින් පුරවැසියන් ලෙස සැවොම මේ සඳහා දායක විය යුතු බව ඇමතිවරයාගේ අදහසයි

15 Comments

  1. කොවිඩ් කාලේ රට ලොක්ඩවුන් කරන්න කියල කෑ ගහපු උන්දැලත් හිටිය.

    ReplyDelete
    Replies
    1. හඳුන් හරිම වෙලාව ආයිත් උඹට ඇවිල්ලා.ඔය රත්තරන් කටින් කියපන්කෝ ආයිත් ලංකාවට මුදල් එවන්න එපා කියා.කර්මය පස්සෙන් එනහැටි බලපන් නිරාගමික උන්.ගෝටාට කළ එළවීමේ කර්මයත් පස්සෙන් එන හැඩයි සහෝදරයා.

      Delete
  2. බිග් කුච්චන් ජංගිය හිල්ද

    උබ නේද ඩොලර් එවන්න එපා කිවිවෙත්
    ඇයි කොරෝනා වගේ ද

    ReplyDelete
  3. සූර්ය බලය සීමා කරලා ඒ ටික ඩීසල් වලින් ගත්ත ඩීල් කාරයෝ දැන් කියන කතා බලපල්ලකෝ

    ReplyDelete
  4. ඩීසල් යන්නේ තොපි තෙත දරවලට භූමිතෙල් ගගහා ලිපපත්තු කරන්න යනවා වගේ බාල ගල් අඟුරු වලට ඩීසල් විද විද ඒවා පත්තු කරන හින්දා

    ReplyDelete
  5. එහෙනම් උඛ ලොක් ඩවුන් වෙයන්

    ReplyDelete
  6. එහෙනම් උඛ ලොක් ඩවුන් වෙයන් කියවන්නේ නැතුව

    ReplyDelete
  7. අඩෝ හදුනෝ උඹ කලුවරේ හිටපන්, අපි හොදට ලයිට් දාගන ඉන්නවා. මතකද කොවිඩ් වෙලාවේ තෝ පිටරට ලංකාවේ මිනිස්සුන්ට ඩොලර් එවන්න එපා කීවා. දැන් අපේ වාරේ.

    ReplyDelete
  8. ගොඩක් අමාරුනම් මී හරකො තෝ ගෙට වෙලා ලොක්ඩවුන් වෙලා හිටපං, තොට වගේ අපිට පිනට ජොක්කු දෙන්න කවුරුත් නැහැ.

    ReplyDelete
  9. Arthika arbudayakda? Seeyagen advise ganna.

    ReplyDelete
  10. තොපි නේද ඔය පරිප්පුවම දීලා ගෝඨාව අමාරුවේ දාන්න රෑට රෑට ජලාශවල වාන් දොරටු ඇරලා ජලාශ හිස් කලේ ??
    තොපිට මේ පල දෙන්නෙ දිට්ට දම්ම වේදනීය කර්මය..
    බලපං කරපු දේවල් තොපිට ඒ විදිහටම පල දෙන හැටි...

    ReplyDelete
  11. මුන් දැන් දවල් run කරන්නේ සොලර් power වලට පින් සිද්ද වෙන්න.

    ReplyDelete
  12. නොදකින් කොරෝනා කාලේ රට වහපිය කියල වැලලුණේ තොපි නේද.

    ReplyDelete
  13. නොදකින් කොරෝනා කාලේ රට වහපිය කියල වැලලුණේ තොපි නේද.

    ReplyDelete
  14. දැන් තොපිට මේ වදින්නේ සාපය

    ReplyDelete
Previous Post Next Post