දුම්රිය ස්ථානයේදි ජර්මන් ජාතිකයෙකු විරෝධතාවයක...


 අඹේවෙළ දුම්රිය ස්ථානයේදි (18) දින ජර්මන් ජාතිකයෙකු විරෝධතාවයක නියෑලි ඇත.

අඹේවෙළ සිට බදුල්ල දක්වා (18) දින පස්වරු ධාවනය වු ඕඩිසි දුම්රියෙන් කලින් ආසන වෙන් කර නොගත් විරෝධතාවයේ නියැලී ජර්මන් ජාතිකයා සහ ඔහු සමග පැමිණි තවත් තිදෙනෙක් එම දුම්රියෙන් ගමන් කිරිමට මුදලට ප්‍රවේශ පත්‍රයක් නිකුත් කරන ලෙසට අඹේවෙළ දුම්රිය ස්ථානයේ නිළධාරින්ගෙන් ඉල්ලීමක් කර ඇත.

එම දුම්රියේ මාර්ග ගත ක්‍රමයට කලින් ආසන වෙන් කර ගත් අයට පමණක් දුම්රියෙන් ගමන් කිරිමට අඹේවෙළ දුම්රිය ස්ථානයේ නිළධාරින් කටයුතු කරන අතර, ආසන වෙන් කර ගත් විදේශිකයන් ඇතැම් අවස්ථාවල එම දුම්රියෙන් ගමන් කිරිමට නොපැමිණි අවස්ථාවල ආසන සහිතව එම දුම්රිය සිය ගමනාන්තය දක්වා ධාවනය කරනු ලබනවා.

විදේශිකයාගේ විරෝධතාවය හේතුවෙන් අඹේවෙළ දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති අසේන්ද්‍ර දිසානායක මහතා ඕඩිසි දුම්රියෙන් ආසන වෙන් කර ගත් විදේශිකයන් දෙදෙනෙකු නොපැමිණි නිසා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරින්ගේද උපදෙස් මත එම දුම්රියෙන් විරෝධතාවය දැක්වූ විදේශිකයාට සහ ඔහු සමග සිටි තවත් විදේශිකයෙකුට අදාළ ප්‍රවේශපත්‍ර ගාස්තුවේ මුදල් ලබා ගෙන ප්‍රවේශපත්‍රයක් නිකුත් කර එම විදේශිකයන් දෙදෙනාට ගමන් කිරිමට අඹේවෙළ දුම්රිය ස්ථානයේ ස්ථානාධීපතිවරයා පියවර ගෙන තිබුණි.

මේ අතර, ඉන්දියානු ජාතික කාන්තාවක්ද සිය පුත්‍රයා සමග ඇල්ල දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරිමට පැමිණ එම දුම්රියෙන් ගමන් කිරිමට ආසන වෙන් කර ගෙන නොතිබූ නිසා දුම්රිය ස්ථානයේ නිළධාරින්ට සිය කණගාටුව ප්‍රකාශ කර දුම්රිය ස්ථානයෙන් පිටව ගොස් ඇත.

රංජිත් රාජපක්ෂ

1 Comments

  1. ජෙපි ජර්මන් කාරයෙක්.

    ReplyDelete
Previous Post Next Post