හෝර්ටන්තැන්නේ ප්රධාන ලෝකාන්ත බෑවුමේ සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය කොළඹ විශ්ව විද්යාලයේ වෛද්ය පීඨයේ අධ්යාපනය ලබන 23 හැවිරිදි සිසුවියක් අඩි 50ක් පමණ ප්රපාතයකට (19) දින ඇද වැටී අත්තක එල්ලී සිටියදී පැය ගණනාවක මෙහෙයුමකින් පසු ඇය මුදවා ගැනීමට හැකි වූ බව හෝටර්තැන්න ජාතික වන උද්යානයේ කළමණාකරු මංජුල මොනරතැන්න මහතා පැවසීය.
එම විශ්ව විද්යාලයේ සිසු සිසුවියන් පිරිසක් හෝටර්තැන්න ජාතික වන උද්යානයේ ප්රධාන ලෝකාන්තය නැරඹීමට (19) දින පැමිණ උදෑසන 9;00ට පමණ සෙල්ෆි ඡායාරූප ගැනීමට උත්සහ කිරිමේදි ඇය පහළට ඇද වැටී අත්තක එල්ලී සිටියදී හෝටර්තැන්න ජාතික වන උද්යානයේ රියදුරෙකු අවධානම නොතකා පහළට බැස අත්තක එල්ලී සිටි විශ්ව විද්යාල සිසුවිය එල්ලී සිටි අත්තෙන් බස්සවා බෑවුමේ ගලක වාඩි කරවා ඇය මුදා ගැනීමට පට්ටිපොළ පොලිසියේ නිළධාරින් සහ යුධ හමුදාවේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සහයෝගය ඉල්ලා ඇත.
ඒ අනුව නුවරඑලිය ශ්රී ලංකා තුන්වන සිංහ රෙජිමේන්තුවට අනියුක්ත කර ඇති කමාන්ඩෝ භටයින් කිහිප දෙනෙකු, එම රෙජිමේන්තුවේ භට පිරිස්, නුවරඑලිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින්, වන ජීවි නිළධාරින් සහ පට්ටිපොළ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුලු පොලිස් නිළධාරින් එක්ව ඒකා බද්ධ මෙහෙයුමකින් පසු දැඩි පරිශ්රමයක් දරා හෝර්ටන්තැන්න පහළ බෑවුමේ ගලක් මත සිටි විශ්ව විද්යාල සිසුවිය මුදා ගෙන ඇයව ප්රතිකාර සදහා නුවරඑලිය දිස්ත්රික් මහ රෝහල වෙත ඇතුලත් කල බවයි හෝටර්තැන්න ජාතික වන උද්යානයේ කළමණාකරු මංජුල මොනරතැන්න මහතා කියා සිටියේ.
- රංජිත් රාජපක්ෂ

අනික් සැරේ නිදහස් උත්සවය වෙලාවෙ මේ රෙජිමේන්තුවේ විරුවන් පෙරෙට්ටුවේ යනකොට ඇනවුන්ස් කරයි
ReplyDeleteලෝකාන්ත මෙහෙයුමේ සෙබලුන් දැන් ඔබ ඉදිරියෙන් ගමන්කරනවයි කියල.