තරුණියකගේ මල සිරුරක් දුෂණය ගැන මාලිමා මන්ත‍්‍රීගෙන් ප‍්‍රකාශයක්...


 දික්ඔය මූලක රෝහලේ මෘත ශරීරාගාරයේදි මිය ගිය තරුණිකගේ සිරුරක් රෝහලේ සේවකයින් තිදෙනෙකු විසින් ඉකුත් (23) දින දූෂණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂනයක් පවත්වන ලෙස ඉල්ලා මිය තරුණියගේ මව විසින් (06) දින පස්වරුවේ නෝර්වුඩ් පොලිසියට පැමිණිල්ලක් සිදු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මහජන විරෝධයන් කිහිපයක් මතු වූ අවස්ථාවේ දික්ඔය මුලික රෝහලේ අධ්‍යක්ෂකවරයා මුණ ගැසිමට ගිය අවස්ථාවේ රෝහලේ සවි කර ඇති ආරක්ෂිත කැමරාවේ දර්ශන පෙන්වූ බවත්, ඉන් එක් අවස්ථාවක පමණක් සේවකියන් තිදෙනා මෘත ශරීරාගාරය වෙත ගොස් සුණ වේලාවකින් ආපසු එන බව දර්ශන පෙන්වා එවැනි සිදුවීමක් සිදු වී නොමැති බවට රෝහල් අධ්‍යක්ෂකවරයා තමන්ව දැනුවත් කර, වතු කම්කරුවන් රෝහල ඉදිරිපිට සිදු කල උද්ගෝෂණයේදි රෝහල් අධ්‍යක්ෂකවරයා වෙනත් කථාවක් පැවසීම හමුවේ තමන්ට එම සිද්ධිය සම්බන්ධයෙන් සැකයක් පවතින නිසා මේ සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වන ලෙස නෝර්වුඩ් පොලිසියට පැමිණිලි කර ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා නුවරඑලිය දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා, හැටන් සහකාර පොලිස් අධිකාරි නිස්සංක ගොඩමුණ්න සහ නුවරඑලිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ( ජාතික ජන බලවේගයේ) මංජුල සුරවීර ආරච්චි මහතා සහ රෝහල් පාලන අධිකාරිය සමග (06) දින විශේෂ සාකච්ඡාවක් එම රෝහල් පරිශ්‍රයේදි පැවැත්විණ.

එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක්වු මංජුල සුරවීර ආරච්චි මහතා කියා සිටියේ, සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයාගේ සහ හැටන් පොලිසිය මගින් වෙන් වෙන් වශයෙන් විමර්ෂණ කටයුතු දෙකක් ආරම්භ කර ඇති බවයි.

එම රෝහලේ සවි කර ඇති ආරක්ෂිත කැමරා පද්ධතියේ දත්ත පරික්ෂා කල බවත්, එහිදි එම සේවකයින් තිදෙනා අවස්ථා 4කදී මෘත ශරිරාගාරය වෙත ගොස් කෙටි කාලයකින් ආපසු පැමිණෙන දර්හන 4ක් නිරික්ෂණය වු බවයි.

එදින මෘත ශරීරාගාරය ඉබි යතුරු දමා වසා නොතිබුණු බවත්, මෘත දේහය පෂ්චාත් මරණ පරිකෂණය පවත්වන තෙක් රොහලේ මළ සිරුරු තැම්පත් කිරිමට පහසුකම් තිබියදී මළ සිරුර ශීතකරණයේ තැම්පත් නොකිරිම සහ සිද්ධියට සම්බන්ධ රෝහල් සේවකයින් තිදෙනාට අදාළ නොවන දෙයකට මෘත ශරීරාගාරයට යෑම යන ගැටළු සම්බන්ධයෙන් සැකයක් පවතින බවයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පැවැත්වෙන නිසා සේවකින් තිදෙනා තාවකාලිකව වෙනත් රෝහල්වලට මාරු කර යැවු බවත්, සිද්ධිය සම්බ න්ධයෙන් අපක්ෂපාතිව සාධාරණ පරික්ෂනයක් පවත්වන බවයි මංජුල සුරවිර ආරචිචි මහතා වැඩි දුරටත් කියා සිටියේ.

රංජිත් රාජපක්ෂ 

4 Comments

  1. නොදකින්, අබුද්දස කාලේ....

    ReplyDelete
  2. Necrophilia
    A weird fetish some people get. Personally I think it is a mental disorder.

    ReplyDelete
    Replies
    1. Yes indeed. A recognized mental illness in psychiatry.

      Delete
  3. body eka check karala rape ekak welada kiyala hoyapallako....ochcha natanna onada?

    ReplyDelete
Previous Post Next Post