නොරොච්චෝල අලු ගැටළුව වහා විසදන්නැයි දන්නයි..

 


පුත්තලම, නොරොච්චෝලේ බලාගාරයෙන් නිකුත් වන අළු පරිසරයට හානි නොවන අයුරින් කළමනාකරණය කිරීමට විධිමත් වැඩපිළිවෙළක් වහාම සකස් කරන ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් දී තිබේ. 

මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසිනි.

බලාගාරය සඳහා ගෙන්වන ගල් අඟුරුවල ප්‍රමිතිය සම්බන්ධ ගැටලු හේතුවෙන්, විමෝචනය වන අළු ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව මෙහිදී අනාවරණය විය.

බලාගාරයේ පවතින පෙරහන් පද්ධතිය මෙලෙස අධික ලෙස පිටවන අළු අංශු පාලනය කිරීමට ප්‍රමාණවත් නොවන බව වයඹ පළාත් පරිසර අධිකාරියේ නිලධාරීහු පෙන්වා දුන්හ.

පාරිසරික අවදානම අවම කිරීම සඳහා පුත්තලම දිස්ත්‍රික් ලේකම්වරයාගේ මෙහෙයවීමෙන් කඩිනම් සැලැස්මක් සකස් කරන ලෙස කාරක සභාව දැනුම් දුන්නේය.

බැහැර කරන අළු උපයෝගී කරගනිමින් නිෂ්පාදන කටයුතු සිදු කළ හැකිද යන්න පිළිබඳව අධ්‍යයනයක් කිරීමට යෝජනා විය. එමගින් ලැබෙන ආදායම බලාගාරය ආශ්‍රිත ප්‍රදේශවාසීන්ගේ සුබසාධන කටයුතු සඳහා වෙන් කළ යුතු බවටද තීරණය කෙරිණි.

බලාගාරය හේතුවෙන් ප්‍රදේශයේ ජලය සහ වාතය දූෂණය වී ඇත්දැයි සොයා බලා සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කරන ලදී.

කාරක සභාව යොමු කළ කරුණු සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළත ලිඛිතව පිළිතුරු ලබා දෙන ලෙස වයඹ පළාත් පරිසර අධිකාරියට දැනුම් දී ඇත.

7 Comments

  1. Better to use 98 coal with ash(cheap)

    No need to pay 300 for the coal(premium)

    ReplyDelete
    Replies
    1. Power plants cannot use this, do not tell nonsense to this stupid horahaththa

      Delete
    2. Stop using coal altogether. Use diesel generators instead.

      Delete
  2. Well, AKD said his government will produce sulfuric acid. This is how they make it. The acid is in the air, unfortunately.

    ReplyDelete
  3. මුන්ට චන්දෙ දීපු උන්ට දැන් සැපද ?????????

    ReplyDelete
  4. "පාස්කු ප්‍රහාරයේ මහමොලකරු සොයායෑම" ග්‍රන්ථය එලිදැක්වීමේ සජීව විකාශනය දැන් යූටියුබ් එකේ නරඹන්න.

    ReplyDelete
  5. අළු නෑ, මේ බොරු. මීට වලපැත්තෙ සට්ටැඹියා

    ReplyDelete
Previous Post Next Post