ඊශ‍්‍රායලය ඉරානයේත්, ඉරානය ඊශ‍්‍රායලයේත් තෙල් පිරිපහදුවලට පහර දෙති...

 


ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් ඉරානයේ ටෙහෙරාන් කලාපයේ පිහිටි වැදගත් තෙල් සම්පත් ඉලක්ක කරගනිමින් සෙනසුරාදා රාත්‍රියේ ප්‍රබල ප්‍රහාරයක් එල්ල කර ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අංශ තහවුරු කර තිබේ.

මෙම ප්‍රහාර එල්ල කරන ලද තෙල් මධ්‍යස්ථාන සෘජුවම ඉරානයේ මිලිටරි කාර්මික සංකීර්ණය (military industrial complex) සමඟ සම්බන්ධ ඒවායි.

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් මෑත කාලයේදී එරට තෙල් ක්ෂේත්‍රයේ සැලකිය යුතු පාලනයක් නතු කරගෙන ඇති බැවින්, මෙම ප්‍රහාර හුදෙක් ආර්ථික මධ්‍යස්ථාන වලට එල්ල වූ ප්‍රහාර වලට වඩා හමුදාමය ඉලක්ක වෙත එල්ල වූ ප්‍රහාර ලෙස ඊශ්‍රායලය අවධාරණය කර සිටියි.

මේ අතර, ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඊශ්‍රායලයේ මෙම ක්‍රියාවට ප්‍රතිචාර වශයෙන් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් ඊශ්‍රායලයේ හයිෆා (Haifa) තෙල් පිරිපහදුව වෙත ප්‍රහාර එල්ල කළ බවයි.

කෙසේ වෙතත්, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇත්තේ මේ වන විට ඉරාන ගුවන් කලාපයේ පූර්ණ පාලනය තමන් සතු වීමට ආසන්න තත්ත්වයක පවතින බවයි.

ගුවන් ආරක්ෂණ පද්ධති, බැලස්ටික් මිසයිල මධ්‍යස්ථාන සහ ඉරාන නායකයින් ඉලක්ක කර මීට පෙර එල්ල කළ ප්‍රහාර මාලාවෙන් පසුව, ඉරාන පාලන තන්ත්‍රයේ බලය දුර්වල කිරීම සඳහා ඊශ්‍රායලය විවෘත කළ නවතම ප්‍රහාරක පෙරමුණ මෙය ලෙස සැලකේ

Previous Post Next Post