මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියලි කාලගුණයත් සමග ජල මුලාශ්‍ර සීදි යෑමෙන් හැටන් ජල සම්පාදන පාරිභෝගික සේවා කාර්යාලය මගින් සීමා කර ජලය නිකුත් කිරිම හේතුවෙන් ජල පාරිභෝගිකයන් දැඩි ලෙස පීඩාවට පත් වී ඇත.
හැටන් සිංගිමලේ ජලාශයෙන් සහ දික්ඔය බටල්ගල ජල පොම්පාගාරයෙන් ජලය ලබා ගෙන හැටන් සහ දික්ඔය යන නගරවල ජල පාරිභෝගිකයන්ට ජල සම්පාදන මණ්ඩලය මගින් ජලය නිකුත් කරනු ලබයි.
පවත්නා තත්වය මත හැටන් ජල සම්පාදන පාරිභෝගික සේවා මධයස්ථානය මගින් සීමා කර ජලය නිකුත් කිරිම නිසා හැටන් නගරයේ ආපන ශාලා හිමියන්ට මුදල් ගෙවා ලොරි රථ යොදගෙන විශාල දුරක් ගොස් පානීය ජලය රැගෙන ඒමට සිදු වී ඇත.
සිංගිමලේ ජලාශයේ ජලය සිදී යෑම හේතුවෙන් දික්ඔය බටල්ගල ජලපොම්පාගාරය මගින් ලබා ගන්නා ජලය උපයෝගි කරගෙන දිනක් හැර දිනක් දවසට පැය 3ක් සහ 4කට සීමා කර ජලය නිකුත් කරන බවත්, පවතින වියලි කාලගුණය අවසන්වන තෙක් අරපිරිමැස්මෙන් ජලය භාවිතා කරන ලෙසයි හැටන් ජල පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ නිළධාරියෙකු කියා සිටියේ.
තවද ජල මූලාශ්‍ර පිහිටි රක්ෂිතවලට ගිනි තැබීම් සිදු කර ඇති නිසා ජල මූලාශ්‍ර සිදී යැම ජලාශවල ජල මට්ටම පහළ බැසීමට ප්‍රධාන හේතුවක් බවද එම නිළධාරියා වැඩි දුරටත් පැවසීය.
- රංජිත් රාජපක්ෂ

මුගේ අප්පගෙ නිවුස් මේවා. ගෙදර උන්ට මෙහෙම හම්බ කරල කන්න දෙන උන් නං සැපට ජීවතුන් අතර ඇති.🤣
ReplyDeleteඉතින් ඇත්තනේ කියල තියෙන්නෙ. නියඟෙ තියෙනකොට සශ්‍රීකයි කියන්නද තෝ කියන්නෙ. මොන ජාතියේ ඩෝබියෙක්ද උඹ?
Deleteහාමුදුරුවන්ට කුඩ කැඩෙනකන් ගහලා, හිරේ දාලා තිබුනාම මෙයින් නතර වුනොත් ඇති. කලින් ගං වතුර, දැන් නියඟ. මනුස්සකමක් නැති, ආගම ධර්මයක් අදහන්නෙ නැති, පාහර හැත්තගේ වැඩ වලට සොබා දහමත් කුපිත වෙනවා.
Deleteතෙල් ගෑස් විදුලිය හරි ඊළගට වතුර
ReplyDeleteඅවුරුද්දට නැකැත් සීට්ටුවත් කැන්සල් කරලා. ආන්ඩුව ගෙදර යන්නෙ නෑ මේ අවුරුද්දේ, කෙලින්ම වලට යන්නේ. සොබාදහමත් තව තවත් කිපෙනවා මිසක් සහනයක් නම් ඇති වෙන එකක් නැහැ.
ReplyDelete