ඇමැතිලා භුක්ති විඳි වාහන, වරප්‍රසාද, දීමනා, වැටුප් කපා එම මුදල් ජනතාවගේ සුභසාධනයට දැම්මා...

 


මෙරට පැවැති දූෂිත දේශ­පා­ලන සංස්කෘ­තිය වෙනස් කර, ආද­ර්ශ­වත් දේශ­පා­ලන සංස්කෘ­ති­යක් ආරම්භ කිරී­මට වත්මන් රජ­යට හැකි වූ බව ධීවර, ජලජ හා සාගර සම්පත් ඇමැති රාම­ලිං­ගම් චන්ද්‍ර­සේ­කර් මහතා පැව­සීය.

ඒ මහතා මෙසේ පැව­සුවේ දිට්වා සුළි කුණා­ටු­වෙන් පීඩා­වට පත් ධීව­ර­යන්ට නව යාත්‍රා සහ ආම්පන්න බෙදා­දීම නිමි­ත්තෙන් හලා­වත වරායේ පැවැති උත්ස­ව­ය­කට එක්වෙ­මිනි.

‘දිට්වා’ සුළි කුණා­ටුව හේතු­වෙන් පීඩා­වට පත් ධීවර ජන­තාව නඟා සිටු­වීම සඳහා රජය විසින් ක්‍රියා­ත්මක කරනු ලබන රුපි­යල් මිලි­යන 865.79 ක දැවැන්ත සහන වැඩ­පි­ළි­වෙළ යටතේ, හලා­වත දිස්ත්‍රි­ක්කයේ ධීව­ර­යන්ට සහන පිරි­නැ­මීම මෙහිදී සිදු කෙරිණි.

ධීවර, ජලජ හා සාගර සම්පත් ඇමැති රාම­ලිං­ගම් චන්ද්‍ර­සේ­කර් මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවැති මේ උත්ස­ව­යේදී, කුණා­ටු­වෙන් පූර්ණ හානි වූ යාත්‍රා 11ක් වෙනු­වෙන් සීනෝර් ආය­ත­නය නිෂ්පා­ද­නය කළ නව යාත්‍රා පිරි­නැ­මීම සංකේ­තා­ත්ම­කව ආරම්භ කළ අතර, අලු­ත්වැ­ඩියා කරන ලද යාත්‍රා 14ක් සහ නව දැල් ආම්පන්න ධීව­ර­යන් වෙත පිරි­නැ­මී­මද සිදු කෙරිණි.

මෙහිදී ඇමැ­ති­ව­රයා තව­දු­ර­ටත් අව­ධා­ර­ණය කළේ ‘දිට්වා’ කුණා­ටු­වෙන් සිදු වූ බර­ප­තළ විනා­ශ­යෙන් රට යථා තත්ත්ව­යට පත් කර­මින් සිටින මොහො­තක, වර්ත­මාන ගෝලීය අර්බු­දය ලෝක යුද්ධ­ය­කට සමාන බල­පෑ­මක් රටට එල්ල කර ඇති බවයි.

මේ සියලු අභි­යෝග මධ්‍යයේ වුවත්, අපි ජන­තාව තනි කරන්නේ නැහැ. ඇතැම් පිරිස් දේශ­පා­ලන වාසි තකා රජය විවේ­ච­නය කළත්, අපි පැරණි දූෂිත දේශ­පා­ලන සංස්කෘ­තිය වෙනස් කර තිබෙ­නවා. ඇමැ­ති­ව­රුන් ලෙස භුක්ති විඳ අධික වාහන වර­ප්‍ර­සාද, දීමනා සහ වැටුප් අපි මුළු­ම­නින්ම කප්පාදු කර­ග­නි­මින් ආද­ර්ශ­වත් දේශ­පා­ලන සංස්කෘ­ති­යක් ආරම්භ කර තිබෙ­නවා.

ඒ හරහා ඉතිරි කර­ගන්නා මුදල් ජන­තා­වගේ සුභ­සා­ධ­න­යට යොද­ව­නවා. ‘සුළි කුණා­ටු­වෙන් සහ ගෝලීය අර්බු­ද­ව­ලින් සිදු වූ විනා­ශය හමුවේ වුවත්, අපි ජන­තාව තනි කරන්නේ නැහැ, යැයි ඇමැ­ති­ව­රයා එහිදී පැව­සීය.

මේ සහන වැඩ­පි­ළි­වෙළ යටතේ පීඩා­වට පත් ඉස්සන් වගා­ක­රු­වන්ට 3% ක අවම පොලි­යක් යටතේ රුපි­යල් මිලි­යන 25ක් දක්වා ණය පහ­සු­කම් ලබා­දී­මට කට­යුතු කර ඇති බව පුත්ත­ලම දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

ධීවර අධ්‍යක්ෂ ජන­රාල් සුසන්ත කහ­වත්ත මහතා සඳ­හන් කළේ, මහා භාණ්ඩා­ගා­රය මඟින් වෙන් කළ රුපි­යල් මිලි­යන 865ක ප්‍රති­පා­දන මඟින් සීනෝර් සහ නෝර්ත් සී වැනි රජයේ ආය­තන හරහා මේ යාත්‍රා සහ ආම්පන්න ඉතා විනි­වි­ද­භා­ව­ය­කින් යුතුව ලබා­දෙන බවයි.

රන්මලී සෝම­සිරි


3 Comments

  1. ටොම් පච කෙලින්න එපා. සංක්‍යා ලේකන එක්ක පෙන්නපිය. ඔය බොරු වලට අහු වෙන්නෙ ලැට් සුදා වගේ එවුන්.

    ReplyDelete
  2. ඇයි උඹලා දැන් යන්නේ බක්කි කරත්තෙන්ද?

    ReplyDelete
  3. මේවා හුණ්ඩු පච නෙවෙයි, ටොං පච

    ReplyDelete
Previous Post Next Post