දික්ඔය මුලික රෝහලේ මෘත ශරීරාගාරයේ තිබු කාන්තා මළ සිරුරක් එම රෝහලේ සේවය කරන සේවකයින් තිදෙනෙකු විසින් දූෂණය කලේ යැයි කියන සිද්ධියක් පදනම් කර ගනිමින් එම සේවකයන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට බල කරමින් හැටන් ඇබෝස්ලි වතුයායේ වතු කම්කරුවන් විශාල පිරිසක් (05) දින එම රෝහලට පිවිස උද්ගෝෂණය කිරිම හේතුවෙන් පොලිසිය සහ වතු කම්කරුවන් අතර, අවස්ථා කිහිපයකදී දැඩි උණුසුම් තත්වයක් ඇති විය.
උද්ගෝෂණයේ නියැලී සිටි වතු කම්කරුවන් හමුවේ හැටන් පොලිසියේ නිළධාරියෙකු කියා සිටියේ, මිය ගිය කාන්තාවගේ දෙමව්පියන් හැටන් පොලිසියට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත්, තම මියගිය දියණියට මෘත ශරීරාගාරය තුලදී එවැනි දෙයක් සිදු වී නොමැති බවත්, ඒ පිළිබදව කිසිදු පොලිස් විමර්ෂණයක් අවශ්‍ය නොවන බවයි.
එහිදි වතු කම්කරුවන් කියා සිටියේ, මිය ගිය කාන්තාවගේ දෙමව්පියන් එවැනි පැමිණිල්ලක් සිදු කර ඇත්තේ දික්ඔය මුලික රෝහලේ පාලන අධිකාරිය දෙමව්පියන් රෝහල වෙත කැදවා කරන ලද ඉල්ලීමක් මත බවයි.
දික්ඔය මූලික රෝහලේ මෙවැනි සිදුවීමක් සිදු වී පළමු අවස්ථාව මෙය නොවන බවත්, මෙවැනිම සිදුවීම් ගණනාවක් මීට ප්‍රථම රෝහල තුල සිදු වී ඇතත්, එම සිදුවීම් සියල්ල රෝහලේ පාලන අධිකාරිය විසින් යට ගසා ඇති බවයි උද්ගෝෂණයේ නියැලී සිටි වතු කම්කරුවන් කියා සිටියේ.
දික්ඔය මූලික රෝහලේ සිදු වන මෙවැනි සිදුවීම් හේතුවෙන් රෝගී කාන්තාවක් හෝ මිය ගිය කාන්තාවකගේ සිරුරක් පෂ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මූලික රෝහල වෙත යොමු කිරිම අවධානම් බවයි වතු කම්කරුවන් කියා සිටියේ.
දික්ඔය මුලික රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය එම්.එස්. ෆසීල් මහතා පොලිස් නිළධාරින් හමුවේ කියා සිටියේ, වතු කම්කරුවන් මෙවැනි ආකාරයට රෝහල වටලා උද්ගෝෂනය කිරිම හමුවේ රෝහලේ ප්‍රතිකාර කටයුතු සිදු කරගෙන යෑමට නොහැකි නිසා රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලට (05) දින වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බවයි.
දැඩි උණුසුම් තත්වය පාලනය කිරිමට එම ස්ථානයට පැමිණි හැටන් කොට්ඨාෂ සහකාර පොලිස් අධිකාරි නිස්සංක ගොඩමුණ්න මහතා වතු කම්කරුවන් හමුවේ කියා සිටියේ, සිද්ධිය සම්බන්ධයෙන් ඇසින් දුටු කිසිදු සාක්ෂියක් හෝ පැමිණිල්ලක් නොමැතිව සිද්ධියට සම්බන්ධ යැයි කියන රෝහල් සේවකයින් තිදෙනා අත්අඩංගුවට ගැනීමට නොහැකි බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්ථා කර ඇති බවත්, මහේස්ත්රාත්වරයාගේ නියෝගය මත සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂණ කටයුතු සිදු කරන බවයි.
උද්ගෝෂණයට එක් වී සිටි හැටන් ඇබෝස්ලි වතුයායේ කොටස් හතරක වතු කම්කරුවන් (05) දින වැඩ වර්ජනයක නිරත වෙමින් හැටන් සිට දික්ඔය මූලික රොහ්ල දක්වා පා ගමනින් ගොස් උද්ගෝෂණයක නිරත විය.
මෙයට සාධාරණ විසදුමක් නොලද හොත් සමස්ථ වතුකරයේ ජනතාවම දික්ඔය මුලික රොහ්ල ඉදිරිපිටට පැමිණ උද්ගෝෂනයේ නිරත වන බවද වතු කම්කරුවන් අවධාරණය කරමින් (05) දින සිදු කල උද්ගෝෂනය තාවකාලිකව නතර කිරිමට වතු කම්කරුවන් පියවර ගැනිණ.
මේ අතර, මෙයට සමගාමීව මස්කෙළීය ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක්ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරික්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා මස්කෙළිය ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට උද්ගෝෂනයක් (05) දින සිදු කලහ.
මෙම සිද්ධිය පදනම් කර ගනිමින් දික්ඔය මූලික රෝහල ඉදිරිපිට ඉකුත් (03) දින වතු කම්කරුවන් පිරිසක් උද්ගෝෂනය කල අවස්ථාවේ එම ස්ථානයට පැමිණි දික්ඔය මුලික රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය එම්.එස්. ෆසීල් මහතා කියා සිටියේ, තම රෝහලේ ආරක්ෂිත කැමරා දත්ත පරික්ෂා කිරිමේදි ඉකුත් (23) දින රාත්‍රි රෝහලේ සේවකයින් තිදෙනෙකු මෘත ශරීරාගාර වෙත යන දර්ශන පටිගත වි තිබූ බවත්, ඒ අනුව පරික්ෂා කිරිමෙදි කාන්තා මළ සිරුර තැබූ අකාරයෙන් නොව වෙනත් විදිහකට තිබුණු බවයි.
එම සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් පැවැත්වීමට රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත ත්‍රි පුද්ගල කමිටුවක්ද පත් කර ඇති බව පැවසීය.
දික්ඔය මුලික රෝහලේ මෘත ශරීරාගාරය වෙත ගියේ යැයි කියන රෝහල් සේවකයින් අවස්ථා දෙකකදී මෘත ශරීරාගාරය වෙත ගිය ආරක්ෂීත දර්ශන රෝහලේ ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන් වි ඇති බවත්, එහි පළමු දර්ශන පෙළ පමණක් පදනම් කරගෙන එම රෝහල් සේවකයින් තිදෙනා බේරා ගැනීමේ උත්සහයෙන් දික්ඔය මුලික රෝහලේ අධ්‍යක්ෂකවරයා කටයුතු කරන බවද මෙම සිද්ධියට විරෝධය දක්වන වතු කම්කරුවන් කියා සිටියි.
- රංජිත් රාජපක්ෂ

අනේ කාලේ......
ReplyDelete