මවුබිම පත්තරේ නවත්තයි...

 


වසර 14කට වැඩි කාලයක් මෙරට පලවූ 'මව්බිම' දිනපතා පුවත්පත හෙට සිට මුද්‍රිත මාධ්‍යයෙන් ඉවත් වීමට තීරණය කර ඇත.

ඒ අනුව මින් ඉදිරියට මව්බිම දිනපතා පුවත් වාර්තාකරණය ඩිජිටල් වේදිකා හරහා පමණක් ඒයි.

මෙම තීරණය පිළිබඳව මව්බිම කළමනාකාරීත්වය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ පාඨකයන් පුවත් පරිභෝජනය කරන ආකාරය වේගයෙන් වෙනස් වීම හේතුවෙන් මෙම නව ප්‍රවණතාවන්ට අනුගත වීමට ආයතනය තීරණය කර ඇති බවය.

ඩිජිටල් අවකාශය තුළ වඩාත් නව්‍ය වූ ක්‍රමවේද හරහා සුපුරුදු විශ්වසනීයත්වයෙන් යුතුව පුවත් සැපයීමට කටයුතු සූදානම් කර ඇති බවත් දිනපතා පුවත්පත ඩිජිටල් මුහුණුවරක් ගත්තද, 'ඉරිදා මව්බිම' පුවත්පත අඛණ්ඩව මුද්‍රිත මාධ්‍යයෙන් සෑම සති අන්තයකම පාඨකයන් අතට පත් කෙරෙන බවත් නිවේදනයේ සදහන්ය.

දිනපතා මව්බිම පුවත්පත මෙතෙක් කල් වගකීම් සහගතව සහ ස්වාධීනව කටයුතු කළ බවත්, එම ගමනට විශ්වාසය තැබූ පාඨකයන්ට ස්තුතිය පළ කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Previous Post Next Post