පාලින්දනුවර
ප්‍රාදේශීය සභාවේ ඊයේ (03)
පැවති
මාසික රැස්වීම අතරතුර ඇති වූ
නොසන්සුන්කාරී තත්ත්වයක්
හේතුවෙන් තුවාල ලැබූ සමගි ජන
බලවේගයේ මන්ත්‍රීවරයෙකු
ප්‍රතිකාර සඳහා බදුරලිය රෝහලට
ඇතුළත් කර තිබේ.
ජාතික ජන බලවේගයට සහය පළ කරන ස්වාධීන මන්ත්‍රීවරයෙකු, නිලධාරීන්ගේ ක්‍රියාකලාපය පිළිබඳ සිය අප්‍රසාදය පළ කරමින් සභාවෙන් පිටව ගොස් ඇත.
ඔහුට සහය දක්වමින් සමගි ජන බලවේගය, පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ද සභා ගර්භයෙන් බැහැරව තිබේ.
මෙලෙස පිටතට පැමිණි මන්ත්‍රීවරුන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිටියදී, සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතර ආරවුලක් හටගෙන ඇත. එය දුරදිග යාමෙන් සිදු වූ පහරදීමක් හේතුවෙන් එක් මන්ත්‍රීවරයෙකු රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.
