ඉරානය සමඟ පවතින යුද්ධය අවසන් කර ඉන් ඉවත් විය යුතු ආකාරය සහ ජයග්‍රහණය ප්‍රකාශයට පත් කළ යුතු කාලය පිළිබඳව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතම උපදේශකයන් අතර මේ වන විට දැඩි මත ගැටුමක් හටගෙන ඇති බව වාර්තා වේ.
2003 ඉරාක යුද්ධයෙන් පසු ඇමරිකාව සිදු කරන විශාලතම හමුදා මෙහෙයුම මෙය වන අතර, මැදපෙරදිග පුරා ගැටුම් ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක ට්‍රම්ප් පරිපාලනය අභ්‍යන්තරයේ මෙම ව්‍යාකූලත්වය මතු වී ඇත.
ධවල මන්දිරයේ ආර්ථික කණ්ඩායම සහ මහා භාණ්ඩාගාර නිලධාරීන් පෙන්වා දෙන්නේ ඉරාන යුද්ධය හේතුවෙන් ජාත්‍යන්තර තෙල් වෙළඳපොළ අඩාල වී ඇති බවයි. ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම ජනාධිපතිවරයා කෙරෙහි පවතින දේශපාලන සහයෝගය බිඳවැටීමට හේතු විය හැකි බවට ඔවුන් අනතුරු අඟවයි.
විශේෂයෙන්ම, ලබන නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත කොංග්‍රස් මණ්ඩල අතුරු මැතිවරණය ඉලක්ක කර ගනිමින්, ජනාධිපතිවරයාගේ දේශපාලන උපදේශකයින් වන සුසී වයිල්ස් සහ ජේම්ස් බ්ලෙයාර් පවසන්නේ යුද්ධයේ අරමුණු සීමා කර වහාම ජයග්‍රහණය ප්‍රකාශයට පත් කළ යුතු බවයි.
ධවල මන්දිරය අභ්‍යන්තරයේ වෙළඳපොළ සහ දේශපාලන කණ්ඩායම තෙල් මිල පාලනය සඳහා යුද්ධය ඉක්මනින් අවසන් කිරීමට බලපෑම් කරයි. සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම් සහ ටොම් කොටන් ඇතුළු පිරිස ඉරානයට න්‍යෂ්ටික අවි ලබා ගැනීම වැළැක්වීම සඳහා යුදමය පීඩනය දිගටම පවත්වා ගත යුතු බව පවසති. ස්ටීව් බැනන් සහ ටකර් කාල්සන් වැනි පුද්ගලයින් ඇමරිකාව තවත් දීර්ඝකාලීන මැදපෙරදිග යුද්ධයකට මැදිවීම වළක්වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.
පසුගිය පෙබරවාරි 28 වන දින ආරම්භ වූ මෙම මෙහෙයුම හරහා ඉරානයේ නාවික හමුදාවට සහ මිසයිල ගබඩාවලට දැඩි හානි සිදු කිරීමට ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර සමත්ව තිබේ. ඉරානය තවමත් හෝමූස් සමුද්‍ර සන්ධියේ නැව් ගමනාගමනයට බාධා කරමින් සහ ඇමරිකානු කඳවුරුවලට ප්‍රහාර එල්ල කරමින් ප්‍රතිරෝධය දක්වයි.
ඇමරිකානු බුද්ධි අංශ වාර්තා කරන්නේ ටෙහෙරාන් පාලනය බිඳවැටීමේ ආසන්නයක නැති බවයි. මෙම තත්ත්වය හමුවේ ජනාධිපති ට්‍රම්ප් යුද්ධය අවසන් කිරීම සඳහා 'සීමිත මෙහෙයුමක්' වැනි වචන භාවිතා කරමින් සිය ස්ථාවරය වෙනස් කිරීමට උත්සාහ කරමින් සිටියි.
වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගත් මෙහෙයුම මෙන් ඉරානය පරාජය කිරීම පහසු නොවන බවත්, මෙය දීර්ඝ හා වියදම් අධික මෙහෙයුමක් විය හැකි බවත් පර්යේෂකයෝ පෙන්වා දෙති

ට්‍රම්ප් කියන ගොන් උද්දච්ච පකයා ලෝකෙ විනාස නොකර යුද්ධෙන් ඉවත් වුනොත් හොදයි. නැත්නම් මෝල් හුත්තා ලෝකෙම විනාස කොරනව අර යක්ස ජූස්ලත් එක්ක උගෙ තියෙන හීනමානෙට
ReplyDeleteJews ලා Yakshayan නම් ඉටඑහායින් ඉන්න අරාබි යෝ මොක්කුද?
DeleteWho are JVPers. Did not they destroy our motherland?
Deleteසහතික ඇත්ත. ට්‍රම්ප් කාරයා එන්න කලින් කිව්වේ නම් ලෝකෙට සාමය ගේනව කියලා.
Deleteඌ සාමය ගේන්න දඟලලා තියෙන්නෙ සාමයට අදාල නොබෙල් තෑග්ග ගන්න බලාගෙන මිසක් ඇත්තටම සාමයට ආස නිසා නෙමේ.
හරියටම හරි. ඔය යුදෙව් කාලකණ්නි කියන්නෙ ලෝකෙ හැමදා විනාස කරපු කාලකණ්නි
Delete