බාල ගල් අගුරු නිසා නොරොච්චචෝල හත් අට වතාවක් කැඩිලා..


 ප්‍රමිතියෙන් තොර බාල ගල් අඟුරු භාවිතය හේතුවෙන් ලක්විජය ගල් අඟුරු බලාගාරය අවස්ථා හත අටකදී ක්‍රියාවිරහිත වී ඇති බව එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

ගල් අඟුරු අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද (19) දින සාකච්ඡා වූ අවස්ථාවේදී ඔහු මේ බව පැවසීය.

විපක්ෂ නායකවරයා අවධාරණය කළේ, නිසි ප්‍රමිතියෙන් තොරව ගල් අඟුරු ගෙන්වීම හරහා ජාතික විදුලි පද්ධතිය අස්ථාවර වී ඇති බවයි.

බාල ගල් අඟුරු භාවිතය නිසා රටේ විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතළ අර්බුදයකට ලක්ව ඇති බවත්, මේ හේතුවෙන් ඉදිරියේදී යළිත් විදුලි කප්පාදුවක අවදානමක් මතුවිය හැකි බවත් විපක්ෂ මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.

Previous Post Next Post