ශ්රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග හයක් ඉරානයේ නිපදවන බවත් මැදපෙරදිග යුදගැටුම් හමුවේ එම ඖෂධ ලබා ගැනීම සඳහා සැලැස්මක් සකස් කර ඇති බවද සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුනි මහතා පවසයි.
දැය නංවන සපිරි ගමක් මැයෙන් ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මන ස්ථාපිත කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව මහනුවර දිස්ත්‍රික් සමාරම්භය නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් උඩුනුවර, අලපලාවලදී පැවැති අතර එහිදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
යුද්ධයට පෙර ගෙන්වන ලද ඖෂධ තොග ප්‍රමාණවත් මට්ටමක පවතින අතර මෙරටට අවශ්‍ය මීළග ඖෂධ තොගය මේ වන විටත් ඉරානයේ නිපදවා ඇතැයි ද එම තොග මෙරටට ගෙන්වා ගැනීම සඳහා ප්‍රධාන සැලැස්මට අමතරව දෙවන මට්ටමේ සැලැස්මක් ද ක්‍රියාත්මක කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.
යම් අයුරකින් යුද්ධය නතර වුවහොත් ලැබෙන පළමු අවස්ථාවේදී ඉරානයේ ඖෂධ ගුවන් මගින් ගෙන්වා ගන්නා බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා, යුදමය වාතාරණය තව දුරටත් පැවතුණහොත් විකල්ප මාර්ග ඔස්සේ ඖෂධ ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ද පැවසුවේය.
ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මන ස්ථාපිත කිරීමේ මහනුවර දිස්ත්‍රික් වැඩසටහන සඳහා උඩුනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති අසිත රණවීර මහතා ඇතුලු මහජන නියෝජිතයන් ද මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් නිලූකා බුලත්ගේ මහත්මිය, උඩුනුවර ප්‍රාදේශීය ලේකම් ඉන්දික ලියනගේ යන මහත්ම මහත්මීන් ඇතුලු නිලධාරීන් ද ගම්වාසී පිරිසක් ද සහාභාගී වූහ.

We should ban USA completely.
ReplyDeleteNothing to loose. We don’t need them
We can get petrol liter rs 55 & make cheaper products
Only apparel industry has the problem
What an idiot
Deleteඅම්මෝ big brain
Deleteජිහාඩ් හම්බ ඌරෙක් නේද 🤣🤣🤣🤣🤣
Delete