රජයේ කටයුතු අඛණ්ඩව ගලා යාම සඳහා අවශ්‍ය පියවරයන් මේ වන විට රැගෙන ඇතැයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී. කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
රාජ්‍ය සේවය විධිමත් කිරීමට අදාල කමිටුව අද රැස් වුණු බවද එම කමිටුවේදී අදාල අමාත්‍යංශවල ලේකම්වරුන් සම්බන්ධ කරගෙන ඔවුන්ගෙන් ලැබුණු තොරතුරු අනූව රාජ්‍ය සේවය ඉදිරියට විධිමත්ව පවත්වාගෙන යාම සදහා කුමන ආකාරයේ තීන්දු තීරණ ගත යුතුද යන කරුණු සම්බන්ධයෙන් විශේෂයෙන් සාකච්ඡා පැවැත්වූ බවද පැවසුවේය.
ඒ අනූව සෞඛ්‍ය, ප්‍රවාහන, කෘෂිකර්ම යන අංශ කෙරෙහිද මේ දිනවල ගොවීන් අස්වනු නෙළන කාලයේදී ගොවීන්ට ලබාදෙන ඉන්ධන නිසි පරිදි ක්‍රමවත්ව ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යංශයත් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවත් මගින් දැනුම් දී ඇතැයිද අවධාරණය කළේය.
ඒ අනූව අදාල චක්‍රලේක මගින් කටයුතු කිරීමට ඒ ඒ ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලය පවරා ඇතැයිද පැවසුවේය. බදාදා දිනය නිවාඩු දිනයක් බවට රජය මගින් ප්‍රකාශයට පත් කළද සෞඛ්‍ය, විදුලිය, ජලය ගුවන් තොටුපල ගුවන් සේවා, ආනයන අපනයන සේවා රක්ෂණ, බැංකු වැනි ක්ෂේත්‍ර නිරන්තරයෙන්ම සිය රාජකාරී කටයුතු ඇති බැවින් ඔවුන්ට මෙම දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් නොකළ බවද පැවසුවේය.
එමනිසා අත්‍යවශ්‍ය සේවා නිසි පරිදි මහජනතාවට ලබාදීමට අවශ්‍ය පියවර රැගෙන තිබූ බවද පැවසුවේය.වර්ෂ 2022දී නිකුත් කරන ලද 4 – 2022 යන රාජ්‍ය පරිපාලනයේ චක්‍රෙල්ඛය මගින් බලශක්ති සහ ඉන්ධන පිළිබදව රාජ්‍ය සේවයේදී ක්‍රියාමාර්ග ගන්නේ කෙසේද යන්න පිළිබදව අවධානය යොමු කළ බවද සදහන් කළේය.
රජය සතුව මේ වන විට ධාවනය කළ හැකි තත්ත්වයේ පවතින වාහන 75,000ක් පමණ ඇතැයිද එම වාහන වලින් දිනකට එක ඉන්ධන ලීටරය බැගින් ඉතිරි කළහොත් දිනකට ඉන්ධන ලීටර් 75000ක් පමණ ඉතිරි කරගත හැකි බවද පැවසුවේය.
කොවිඩ් කාලයේ නිකුත් කළ 2022 චක්‍රලේඛය අනූව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද ඒ අනූව ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කර රාජ්‍ය සේවය මේ තත්ත්වයට කෙසේ මුහුණදිය යුතුද යන්න සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවද සදහන් කළේය.

වැඩිය ඕන නෑ ඔය ලොකු ලොකු රාජ්‍ය නිලධාරීන්ගේ දරුවෝ ඉස්කෝලෙට ගෙනියන ඒවා ගෑනි ෂොපින් යන ඒවා අනම්ම නං ට්‍රිප් යන ඒවා නතර කරානම් ඕක ඔයිට වැඩියෙන් ඉතුරු කරන්න පුළුවන්.බස් එකේ පාර්ලිමේන්තු එන්නන් කියාගෙන ආපු ආණ්ඩුවේ මැටි ඇමැතිවරු බැකප් දාගෙන යන එකත් නතර කරා නම් හරි.හුණ්ඩුවත් වාහන විස්සක් විතර පිරිවරාගෙන යන්නේ ඌටත් එකක් තිබුණහම ඇති.
ReplyDelete