ගල් අගුරුවලින් අඩුවන විදුලිය හදන්න ඩීසල් යන්නේ මෙට‍්‍රික් ටොන් සීයයි..- නි. ඇමති

 


රට තුළ පවතින විදුලි අර්බුදය සහ ඉන්ධන හිඟය සම්බන්ධයෙන් පළවන අසත්‍ය ප්‍රචාර බැහැර කරමින්, විදුලිය උත්පාදනය සඳහා වැයවන සැබෑ ඩීසල් ප්‍රමාණය පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කරුණු පැහැදිලි කරයි. 

සිය සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ ඉන්ධන ආනයනයට මුදල් නොමැති බවට පැවසෙන කතාවල පදනමක් නොමැති බවයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කරන දත්තයන්ට අනුව, මෙරට දෛනික සාමාන්‍ය ඩීසල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 4,500 ත් 5,000 ත් අතර පවතී. 

ඉන් විදුලි උත්පාදනය සඳහා උපරිම වශයෙන් වැය වන්නේ මෙට්‍රික් ටොන් 500 ක් පමණක් බවත්, එය සමස්ත දෛනික පරිභෝජනයෙන් 10% ක් වැනි සුළු ප්‍රතිශතයක් බවත් ඔහු පෙන්වා දෙයි.

ගල් අඟුරු බලාගාරවලින් ජනනය වන විදුලියෙහි අඩුව පිරවීම සඳහා මෙගාවොට් 100-130 ක ප්‍රමාණයක් අතිරේකව නිපදවීමට අවශ්‍ය වන්නේ ඩීසල් මෙට්‍රික් ටොන් 100 ක් වැනි ප්‍රමාණයකි. මෙය විදුලිය නිපදවීමට දිනකට වැයවන මුළු ඩීසල් අවශ්‍යතාවයෙන් 20% ක ප්‍රමාණයකි.

මේ අනුව, විදුලිය බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් ඉන්ධන පහසුකම් පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා සිය සටහන මගින් වැඩිදුරටත් අවධාරණය කර සිටියි.


6 Comments

  1. නාකි තට්ටයෝ තොපි හොරා කාලා බයිලා ගහන්න එපා පරයෝ

    ReplyDelete
    Replies
    1. JEPI THEORY, our full tank is 40 liters , 0.000000000000000001 % of daily requirement

      Delete
  2. මුන් දැන් මාරු විකලෙන් දොඩවනවා

    ReplyDelete
  3. Inefficient big mouth politikka - can’t even get the Colombo- Kandy rail track repaired .

    ReplyDelete
  4. තොගේ අ.... හැ... බල්ලා

    ReplyDelete
  5. අයියෝ ඩීසල් මෙට්‍රික් ටොන් 100 කියන්නෙ සොච්චමක් නේ, මේ හුණ්ඩුවට

    ReplyDelete
Previous Post Next Post