ඉන්ධන මිල ඉහළ නොදමා පවත්වාගෙන යාම සඳහා රජය දැඩි මූල්‍ය පීඩනයක් දරා සිටින බව ප‍්‍රවාහන නියෝජ්‍ය ඇමති ප‍්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ලංකාවේ තෙල් පරිභෝජනයෙන් බහුතරයක් දැනට පෞද්ගලික අංශය හරහා සිදුවන බවයි. පාඩු ලබමින් ව්‍යාපාර සිදු කිරීමට පෞද්ගලික අංශය මැලි වන බැවින්, දැනට පවතින තත්ත්වය හමුවේ ඉන්ධන මිල රුපියල් 140 සිට රුපියල් 200 දක්වා ප්‍රමාණයකින් වැඩි කරන ලෙස ඔවුන් ඉල්ලීම් කර ඇති බව ද හෙතෙම සඳහන් කළේය.
එසේ වුවද, රජය සහ පෞද්ගලික අංශය එක්ව එම බර දරා ගනිමින් සහනදායී මිලකට ඉන්ධන ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව මේ වන විට ඩීසල් ලීටරයකින් රුපියල් 100ක පාඩුවක් සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 20ක පාඩුවක් රජය විසින් විඳ දරා ගනු ලබයි.
මෙම සහන ලබා දීම හේතුවෙන් රජයට මසකට සිදුවන සමස්ත පාඩුව රුපියල් බිලියන 20ක් පමණ වන බව ද ඔහු අනාවරණය කළේය.
පවතින ඉරාන යුද්ධය කවදා අවසන් වේද යන්න පිළිබඳව නිශ්චිත තත්ත්වයක් නොමැති හෙයින්, ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම හමුවේ මෙම පාඩුව තවදුරටත් දරා ගනිමින් ඉදිරියට යාම පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් පවතින බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

ධාතු සුනඛයෝ බොරු කියන්නැතුව පාඩුවෙන විදිහ ගණන් හදල පෙන්නපන්
ReplyDelete
ReplyDeleteඔහොම බොරු කියන්න එපා බන්. ආණ්ඩුව පෙට්‍රල් ලීටරේකට රුපියල් 120ක බදු ගහන්වා. රුපියල් 20ක් අඩුවෙන් දුන්නම ආණ්ඩුවට බිලියන 20ක පාඩුවක් වෙනවනම් පෙට්‍රල් බදු නිසා ආණ්ඩුවට බිලියන 120ක් ලැබෙනවා. පොඩ්ඩක් හිතලා බලන්න. රුපියල් බිලියන 120ක් බදු.
මේ සහෝදරයට කවුරු හරි කියන්න පෙට්‍රල්, ඩීසල් වලට ආණ්ඩුව 18%ක වැට් එකත් ගහන්වා කියලා.
ReplyDeleteකලින් කිව්වේ ඕන තරම් සල්ලි තියෙනවා නැව් එන්නේ නැති නිසා තෙල් නෑ කියලා. දැන් කියනවා පාඩුවටලු දෙන්නේ. දවසට එක බොරුවයි.
ReplyDeleteරුපියල් 400ට පෙට්‍රල් විකුනලත් පාඩුනම් ඒක උබලගේ බැරි කම.
ReplyDeletedanasalak karanawa kiyala hithuwada?
DeleteJVP ආණ්ඩුවේ බොරුව කවදා නතරකරය්ද?
ReplyDeleteඑතකොට වරායෙන් ගොඩබාන මිලට ඔයගොල්ලො කීයක් බදු ගහනවද?
මෙච්චර මිල වැඩි කරලා තියේත්දිත් බොරුවට ආණ්ඩුව පාඩුවට තෙල් දෙනවා කියලා මිනිස්සුන් රවට්ටන්න එපා.
පාඩුවට තෙල් දෙනව කියලා මිනිස්සුන් ණයකාරයෝ කරන්න එපා.
මිනිස්සු හැමදෙයක්ම ගන්නෙ සල්ලි දීලා.
අර කාංචන ගත්ත කියපු කොමිස් සල්ලි අඩුකරල දැන් දීපියව්
ReplyDeleteමුන්ට චන්දෙ දීපු උන්ට දැන් සැපද ?????????
ReplyDeleteකාංචනට යන කොමිස් කුට්ටිය නිසා තවම ඒක නවත්ත ගන්න ජවිපෙ පක්ෂ නායකයාට හැකියාවක් නැති හැටි! විලිලැජ්ජයි! ජවිපෙ හා ජාතික ජන බලවේගයේ නායකයාගේ කෝ කොන්ද?
ReplyDeleteඅනේ පාඩුවට තෙල් දෙන්න එපා. ඔය කියන රුපියල් දෙසීයකින් දැන්මම තෙල් මිල වැඩි කරන්න. අපි දුන්න ඡන්දෙට වටිනාකමක් දෙන්න. දැන් ලක්ස හැට අටට දරාගන්න බැරි තරමට සතුටුයි.
ReplyDeleteඩිසල් දාල ගලගුරු පාඩුව පුරවල රුපියල් 1000 කට ලිටරේ දිලවත් පාඩුව පියවගන්න බැහැ
ReplyDeleteලිටරේ 5000 කරන්න. අපි ගහගන්නං
ReplyDelete