මාර්තු මාසික ඉන්ධන මිල සංශෝධනය ගැන සිපෙට්කෝ සභාපති කියයි..

 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා සඳහන් කළේ, නියමිත කාලසටහනට අනුව මෙම මස අගභාගයේදී සිදුකිරීමට නියමිතව තිබූ මිල වෙනස් කිරීම මෙවර සිදු නොවන බවයි. පවතින මිල සූත්‍රයට අනුව මාර්තු මාසය අවසානයේදී ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු නොකිරීමට තීරණය වී ඇත. 

ඉකුත් මාර්තු මාසය තුළ පමණක් අවස්ථා තුනකදී මිල ගණන් වෙනස් කිරීමට පියවර ගෙන තිබුණි.

දැනට දිවයින සතුව පවතින ඔක්ටේන් 92 සහ 95 වර්ගයේ පෙට්‍රල් තොග ජූනි මස මුල් සතිය දක්වා ප්‍රමාණවත් වේ.

ඉදිරියේදී දිවයිනට ළඟාවීමට නියමිත ඉන්ධන නෞකා පිළිබඳව ද සලකා බැලීමෙන් අනතුරුව, රට තුළ ඉන්ධන හිඟයකින් තොරව පවත්වාගෙන යා හැකි බව සභාපතිවරයා වැඩිදුරටත් සහතික කළේය.


4 Comments

  1. Tell first how many shipments were done and what are the differences when at discharge from port

    ReplyDelete
  2. නෑ කිව්වොත් ඕවු තමයි.

    ReplyDelete
  3. apo mu kalakkiya kata kapanne oni muge

    ReplyDelete
  4. Tell about diesel... People can minimise use of petrol. But diesel; whole country will collapse if diesel price is increased. We need diesel for transport and power as well. Coal power reduced by 1/3. They say, hydro-power contributes 50% of generation. No rains at least till May.

    ReplyDelete
Previous Post Next Post