පවතින බලශක්ති අර්බුදය හමුවේ රටේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා ඉන්ධන සහ විදුලිය උපරිම අයුරින් අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති D. J. A. S. De S. රාජකරුණා මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
රට මුහුණ දී සිටින අසීරු තත්ත්වය සැලකිල්ලට ගෙන පාරිභෝගිකයන් දැඩි වගකීමකින් කටයුතු කළ යුතු බව හෙතෙම අවධාරණය කර සිටී.
පවතින ඉන්ධන සංචිත කළමනාකරණය කරගැනීම සඳහා අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් සහ විනෝද චාරිකා සංවිධානය කිරීමෙන් හැකිතාක් වැළකී සිටින ලෙස සභාපතිවරයා ඉල්ලා සිටියි.
පෞද්ගලික වාහන භාවිතය අවම කර පොදු ප්‍රවාහනය දිරිමත් කිරීම තුළින් රටේ සමස්ත ඉන්ධන ඉල්ලුම පාලනය කිරීමට සහය වන ලෙස ඔහු වැඩිදුරටත් දන්වා සිටී.
ඉන්ධන මත පදනම් වූ විදුලි උත්පාදනය සඳහා වැයවන පිරිවැය අවම කරගැනීමට නම්, නිවසේ හෝ සේවා ස්ථානයේ අනවශ්‍ය ලෙස දැල්වෙන විදුලි බුබුළක් හෝ නිවා දැමීමට කටයුතු කිරීම අතිශය වැදගත් බව රාජකරුණා මහතා පෙන්වා දෙයි.
"අප දැනට පරිභෝජනය කරන සෑම ඉන්ධන ලීටරයක් සහ සෑම විදුලි ඒකකයක්ම විදේශ විනිමය වැයකර ලබාගන්නා ඒවා බැවින්, එක විදුලි බුබුළක් හෝ නිවා දැමීමෙන් ඔබ රටේ ආර්ථිකයට සෘජු දායකත්වයක් ලබා දෙයි."
පවතින ඉල්ලුම සපුරාලීම සඳහා ඉන්ධන ආනයනය කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කිරීමට සංස්ථාව උපරිම උත්සාහයක නිරත වන බවත්, ජනතාවගේ සහයෝගය ලැබෙන්නේ නම් මෙම අර්බුදකාරී කාලසීමාව වඩාත් පහසුවෙන් කළමනාකරණය කරගත හැකි වනු ඇති බවත් සභාපතිවරයා සිය නිවේදනය මගින් අවධාරණය කර ඇත.

ඵලයන් යන්න jvp කාරයා තොපි කිව්වේ නම් කොහොමද දැන් කොහොමද .ඒ පාර එනවා ද අපේ නිදහස විනෝදය සිමා කරන්න.මෙවා කොමියුනිස්ට් පාලනයක ලක්ෂණ
ReplyDeleteමොකටද පිරිමහගෙන, ලයිට් බිල වැඩි කරන කොට පිරිමහන අයට බිල වැඩි.
ReplyDeleteමොකටද පිරිමහගෙන, ලයිට් බිල වැඩි කරන කොට පිරිමහන අයට බිල වැඩි.
ReplyDeleteගෝටාගේ කාලයේ කොවිඩ් වසංගතය ඇවිල්ලා රට විනාශයට යන්න හදනකොට, ආර්ථිකය ආරක්ෂිතව, පරෙස්සමට කලමණාකරනය කරන්න හදන කාලයේ තොපි ජෙපි කාලකන්නි පාරට බැහැලා රටේම නැති ගැටලු ඇති කලා. මහජනතාව කුලප්පු කලා. රජය අපහසුතාවට පත් කලා. දැන් තොපිටත් කෙලවිලා. අපි නම් තොපිට සහය දෙන්නේ නෑ. අපට අතීතය අමතක නැහැ.
ReplyDeleteලිසිං ගෙවන්න බැ ..........මේ මිලට ඉන්ධන ගහගෙන වැඩට යන්න බැ . ළමයි වැන් වල ඉස්කෝලේ යවන්න බැ . පoති , ක්‍රීඩා පුහුණුවීම යවන්න බැ . පඩිත් වැඩි කරන්න . නැත්තං ගෝටා වාගේ 5000ක් දෙන්න. ලංකාවේ සියළු පුරවැසියන් වහා ආරක්ෂිතව මැද පෙරදිගින් පමා නොවි දැන්වත් ඉවත් කර ගන්න
Deleteඇයි අරපිරිස්මැට ඉන්නෙ . තොපිට සැප විදින්න අපි දුක් විඳින්නේ මොකටද
ReplyDeleteඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති D. J. A. S. De S. රාජකරුණා මහතාට UNLIMITED FUEL වැටුපට අමතරව හැම මාසේම ලැබෙනවා . දීමනා මාසෙට ලක්ෂ 10 පැනලා . කොහොමද පුකරුදේ හදුනා අපිට අරින ඇරිල්ල දැන්
ReplyDeleteවාහන වල ඉන්සුවරන්ස්. එතකොට ආදායම් බදු වගෙ දේවල් අඩු කරන්න. කොවිඩ් කාලෙ මැරෙන්න හැදුව.. රටට ඩොලර් එවන එක නැවැත්තුවා. අල්ලපු හොරෙකුත් නැ දැන් කියොනවා.
ReplyDeleteපක්ෂ පාට නම් අදාල නැ ඒ උනාට මිනිස්සුන්ගෙන් ච0දෙ ගන්න කරපු බොරුවලට වන්දි ගෙවන්න වෙලා තියෙන්නෙත් ආපහු රටෙ මිනිස්සුන්ටමයි.
පුලුවන් නම් ඔයාල ගන්න දීමනා, ඉන්ධන, නවත්තල, පොදු ප්‍රවාහනය පාවිච්චි කරන්න. එතකොට ඒකත් තෙරෙන් කියන්න පුලුවන් කරන්න ගියාම කොහොමද කියල ...