ඉරානය විසින් කටාර් රාජ්‍යයේ ‘රාස් ලෆාන්’ කාර්මික කලාපයට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි ප්‍රතිචාරයක් දක්වා ඇත.
තම ‘Truth Social’ ගිණුම ඔස්සේ දීර්ඝ ප්‍රකාශයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ, කටාර් රාජ්‍යයට එරෙහිව යළිත් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඉරානය මෙතෙක් අත්නොවිඳි ආකාරයේ දැවැන්ත හමුදාමය ප්‍රහාරයකට මුහුණ දීමට සිදුවන බවයි.
බදාදා රාත්‍රියේ ඉරානයේ ‘සවුත් පාර්ස්’ ස්වභාවික වායු නිධිය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන් ඉරානය මෙම ප්‍රහාරය දියත් කර තිබේ. ලොව විශාලතම LNG පිරිසැකසුම් මධ්‍යස්ථානය පිහිටා ඇති කටාර්හි ‘රාස් ලෆාන්’ ප්‍රදේශයට මෙලෙස ප්‍රහාර එල්ල කර ඇත්තේ ඊශ්‍රායල ප්‍රහාරයට කටාර් රාජ්‍යය සම්බන්ධ බවට ඇති වූ සැකය මතය.
තම ප්‍රකාශය මගින් ඊශ්‍රායලයේ ප්‍රහාරය දැඩි ලෙස විවේචනය කළ ජනාධිපති ට්‍රම්ප්, එම ප්‍රහාරය පිළිබඳව අමෙරිකාව පූර්ව දැනුවත් කිරීමක් සිදු නොවූ බව සහතික කළේය.
"මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජනපදය කිසිවක් දැන සිටියේ නැත. එමෙන්ම කටාර් රාජ්‍යය කිසිදු ආකාරයකින් මෙයට සම්බන්ධ වී නොමැති අතර ඔවුන්ට මේ පිළිබඳව කිසිදු අදහසක් තිබුණේ ද නැත." යැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.
ඉරානය විසින් දියත් කළ ප්‍රතිප්‍රහාරය "අසාධාරණ සහ අයුක්ති සහගත" ක්‍රියාවක් බව පෙන්වා දුන් ට්‍රම්ප්, කටාර් රාජ්‍යය වැනි නිරපරාදේ මෙයට සම්බන්ධ කරගත් රටකට එරෙහිව සිදු කළ ප්රචණ්ඩත්වය කිසිසේත් අනුමත නොකරන බව ද ප්‍රකාශ කළේය.
අනාගතයේදී මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට වගබලා ගන්නා ලෙස ඉරානයට අවධාරණය කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ, ඊශ්‍රායලය නැවතත් ඉරානයේ වායු නිධිවලට ප්‍රහාර එල්ල නොකරනු ඇති බවයි.
එහෙත්, ඉරානය විසින් කටාර් රාජ්‍යයට යළිත් හානියක් සිදු කළහොත් "ඉරානය මෙතෙක් අත්නොවිඳි ප්‍රබලත්වයකින් යුතුව මුළු ‘සවුත් පාර්ස්’ වායු නිධියම අමෙරිකාව විසින් විනාශ කර දමනු ලබන" බවට හෙතෙම සපථ කළේය.
දිගුකාලීන බලපෑම් සැලකිල්ලට ගෙන තමා මෙවැනි විනාශකාරී මිලිටරි ක්‍රියාමාර්ගයක් ගැනීමට අකමැති වුවද, කටාර්හි බලශක්ති මධ්‍යස්ථානවලට නැවත ප්‍රහාර එල්ල වුවහොත් ඒ සඳහා කිසිදු පැකිලීමකින් තොරව නියෝග නිකුත් කරන බව ද ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් අවධාරණය කර ඇත.

ට්‍රම්ප් වනාහි ගොන් බූරුවෙකි ... මේකාට ඕනා සල්ලි, බලය සහ ගෑනු සමග හරක් මස් බව ඊශ්‍රායලය හොඳින් දන්නේය... මේකා වටේ ඉන්න පීට් ඇතුලු හීනමාන කාරයින්ද එසේය. නෙතන්යාහුට නියම ඇමෙරිකානු ගොන් තඩියා මුං ගැසුණි ... මෙය ඊශ්‍රායලය ලැබූ සහශ්රක ජයග්‍රහණයකි... ඊශ්‍රායලට ඕන ඇමරිකානුවන් පරාජය වීම දැකීමටය..
ReplyDeleteAne Una Danna tarama
Deleteගෑස් නිදි නිසා අවදි කරන්න ගහලා තියෙන්නේ කලබල වෙන්න එපා 🤣🤣🤣
ReplyDelete