නොරොච්චෝල නිපදවීම තවත් බහී.. ඉන්ධන මිල වැඩිවීමෙන් විදුලි ගාස්තු කෙදිරි ගායි..

 


ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ දැමීමත් සමඟ, ඉදිරි කාලයේදී විදුලි ගාස්තුද ඉහළ දැමීම කෙරෙහි අවධානය යොමුව තිබේ.

පවතින විදුලි උත්පාදන වියදම පියවා ගැනීම සඳහා මෙම පියවර ගැනීමට සිදුවනු ඇතැයි බලශක්ති ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ඉන්ධන මිල ඉහළ යාම විදුලි බල ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල කර ඇත්තේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ විදුලි උත්පාදනය සීමා වීම හේතුවෙනි.

ඊයේ ( 21) දත්ත වාර්තාවලට අනුව, රාත්‍රී උපරිම ඉල්ලුම පවතින අවස්ථාවේදී (පස්වරු 19:00 ) ගල් අඟුරු මගින් උත්පාදනය කර ඇත්තේ මෙගාවොට් 630 ක ප්‍රමාණයක් පමණි.

නොරොච්චෝලේ පද්ධතියේ ඇති වූ මෙම ඌනතාවය පියවා ගැනීම සඳහා අධික පිරිවැයක් සහිත තාප-තෙල් බලාගාර වැඩි වශයෙන් භාවිත කිරීමට සිදුව තිබේ.

දත්ත වාර්තා අනුව රාත්‍රී උපරිම ඉල්ලුම වන මෙගාවොට් 2817.5 ක ප්‍රමාණය සපුරාලීමට තාප බලාගාර මගින් මෙගාවොට් 1031.7 ක දැවැන්ත දායකත්වයක් ලබා දී ඇත.

ඩීසල් සහ දැවි තෙල් මිල ඉහළ යාම නිසා තාප බලාගාර හරහා විදුලි ඒකකයක් උත්පාදනය කිරීමේ පිරිවැය මේ වන විට දෙගුණයකින් පමණ වැඩි වී තිබේ.

නොරොච්චෝලේ බලාගාරයේ පවතින ගැටලු හේතුවෙන් තවදුරටත් තාප බලාගාර මත යැපීමට සිදු වුවහොත්, එම අතිරේක පිරිවැය පාරිභෝගිකයා මත පැටවීමට විදුලිබල මණ්ඩලයට සිදු වනු ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳව විදුලිබල මණ්ඩලයේ සහ මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන් අතර ඉදිරි දින කිහිපය තුළ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.



1 Comments

  1. මාලිමාවෙ සක්කිලියන්ගෙ කටවල් නම් තියෙනවා ටොන් ගණන් කෙබර කෙළින්න. ගල් අඟුරු ටික වත් හරියට ගෙන්න ගන්න බැහැ. නොරොච්චෝල බලාගාරයට 16% වැඩිය අලු තියෙන ගල් අඟුරු දැම්මොත් යන්ත්‍ර විනාශ වෙන නිසා ඒ ගල් අඟුරු ආපහු යවනවා. නමුත් මාලිමා ආණ්ඩුව 26% අලු තියෙන ගල් අඟුරු දාලා යන්ත්‍ර ක්‍රියාත්මක කරනවා. ඒ නිසා මෙගා වොට් 810 සපයන යන්ත්‍ර දැන් සපයන්නේ මෙගා වොට් 630. ඒ මදිවට පරිසර දූෂණය 200% වැඩි වෙලා තියෙනවා.

    ReplyDelete
Previous Post Next Post