ලෝක වෙලදපල අනුව ඉන්ධන, ගෑස් වැඩි කරන්න වෙනවා..- වසන්ත

 


අප්‍රේල් මාසය අවසන් වන තෙක් මෙරට ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

එමෙන්ම ගෑස් සැපයුම ද කිසිදු බාධාවකින් තොරව සිදු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

මේ වසර සඳහා අවශ්‍ය ගෑස් මෙට්‍රික් ටොන් 380,000ක් ලබාදීමට අදාළ සමාගම් එකඟ වී ඇති අතර, නෞකා ගමනාගමනය සහ සැපයුම් ජාලය සම්බන්ධයෙන් දැනට කිසිදු ගැටලුවක් නොමැති බව එම සමාගම් රජයට දැනුම් දී ඇත.

කෙසේ වෙතත්, මැදපෙරදිග කලාපයේ හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව නෞකා ගමනාගමනයට බාධා ඇති වුවහොත්, ඒ හරහා ලෝක වෙළෙඳපොළේ තෙල් සහ ගෑස් මිල ඉහළ යාමේ බලපෑමක් මෙරටට එල්ල විය හැකි බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එවැනි ගෝලීය තත්ත්වයක් තුළ මිල ඉහළ යාමක් සිදු වුවහොත් මෙරට තෙල් සහ ගෑස් මිල ගණන්වල ද වෙනසක් කිරීමට සිදු විය හැකි බව ඔහු සඳහන් කළේය.

මේ පිළිබඳව රජය මේ වන විටත් සාකච්ඡා කරමින් සිටින බවත්, පවතින තත්ත්වය හමුවේ පාරිභෝගිකයාට උපරිම සහනයක් සැලසෙන පරිදි කටයුතු කිරීම රජයේ අරමුණ බවත් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

17 Comments

  1. අමාත්‍යවරයා කියන්නේ මාස 1–2ක කාලයකට supply stable කියලා.එකෙන් long-term energy security ගැන කිසිම පිළිතුරක් නැහැ.

    ReplyDelete
    Replies
    1. මේ හුණ්ඩුවට ඔච්චර ලොකුවට ප්‍රශ්න නෑ

      Delete
  2. එහෙම නම් හාල් මිල වැඩි කලේ ඇයි ?

    ReplyDelete
    Replies
    1. හුණ්ඩුවෙන් ගත්තම මිල අඩුයි

      Delete
  3. රජය energy policy strong නම්:

    strategic fuel reserve තිබිය යුතුයි

    long-term contracts තිබිය යුතුයි

    price volatility buffer එකක් තිබිය යුතුයි

    එවා ගැන කිසි mention එකක් නැහැ

    ReplyDelete
    Replies
    1. මේ හුණ්ඩු මොලවලට ඕව ලොකු වැඩියි

      Delete
  4. Sri Lanka energy imports highly vulnerable කියන එක තමයි මෙයින් පේන්නේ.

    ReplyDelete
    Replies
    1. හුණ්ඩුවක් නේ, no problem

      Delete
  5. April end වෙනකම් supply තියෙනවා කියන එක success එකක් නොව short-term assurance එකක්.

    Government energy policy එක long-term security provide කරනවා කියන evidence එකක් නැහැ.

    Gas supply agreements තිබුණා කියලා guarantee එකක් නැහැ — 2022 crisis එකෙන් ඒක prove වෙලා තියෙනවා.

    Middle East dependency reduce කරන diversification strategy එකක් mention කරලා නැහැ.

    Consumer relief ගැන clear policy එකක් නැහැ — slogans විතරයි.

    Future price increase already justify කරන narrative එකක් build කරලා තියෙනවා.

    👉 ඒ නිසා මේ statement එක policy explanation එකක් නොව political reassurance statement එකක්.

    ReplyDelete
    Replies
    1. හුණ්ඩු මොලෙන් හිතන ඒව ගණන් ගන්න එපා

      Delete
  6. “අප්‍රේල් මාසය අවසන් වෙනකම් ඉන්ධන සහ ගෑස් supply වල ගැටලුවක් නැහැ” කියලා අමාත්‍යවරයා කියනවා.

    හැබැයි මම අහන්නේ එක ප්‍රශ්නයක් විතරයි.

    රටක් පාලනය කරන ආණ්ඩුවක් මාස දෙකක් ගැන assurance දෙන එකද ඔබලාගේ energy policy එක?

    රටක් පාලනය කරනවා කියන්නේ අදට හෙටට manage කරන එක නෙවෙයි.
    අවුරුදු ගණනකට energy security build කරන එක.

    අද ඔයාලා කියනවා ships එනවා, companies supply දෙනවා කියලා.
    හැබැයි 2022 දීත් එහෙමයි කිව්වේ.
    අවසානයේ රටේ ජනතාවට fuel queue වල දින ගණන් ඉන්න වෙලා.

    ඒ නිසා ජනතාවට promises නෙවෙයි, plans ඕන.

    අද අමාත්‍යවරයාම කියනවා Hormuz Strait problem එකක් ආවොත් oil සහ gas price ඉහළ යන්න පුළුවන් කියලා.

    ඒ කියන්නේ ඔබලාගේ energy policy එක මැදපෙරදිග conflict එකක් මත depend වෙලා තියෙනවා කියන එක.

    එහෙනම් මම අහනවා:

    Energy diversification plan එක කොහෙද?

    Strategic fuel reserves කොහෙද?

    Long-term price protection mechanism එක කොහෙද?

    ඒ කිසිදෙයක් නැතුව “companies agree වෙලා තියෙනවා” කියන එකෙන් රටක් run කරන්න බැහැ.

    Companies agreements paper වල තියෙන promises විතරයි.
    Geopolitics change උනොත් ඒවා පැය 24කින් collapse වෙන්න පුළුවන්.

    අද කියනවා consumer relief දෙන්නම් කියලා.
    හැබැයි relief plan එකක් කියලා එක policy එකක්වත් explain කරන්නේ නැහැ.

    Subsidy mechanism නැහැ.
    Price stabilization fund නැහැ.
    Tax policy change නැහැ.

    එහෙනම් relief කියන්නේ slogan එකක් විතරයි.

    ඇත්ත කතාව මොකද්ද?

    අදම narrative එක build කරනවා:
    “global situation එක නිසා price increase වෙනවා” කියලා.

    ඒ කියන්නේ හෙට fuel සහ gas price වැඩි උනොත් blame එක government එකට නොව world situation එකට දාන්න groundwork දානවා.

    මේ රටේ ජනතාවට ඒ drama හොඳට හඳුනාගන්න පුළුවන්.

    රටක් පාලනය කරනවා කියන්නේ:

    crisis justify කරන එක නෙවෙයි

    crisis prevent කරන එක

    ඒ නිසා අපි පැහැදිලිව කියනවා:

    ජනතාවට temporary assurances නෙවෙයි,
    real energy security policy එකක් ඕන.

    ඒ policy එකක් නැතිකම තමයි අදත් මේ රට fuel price shocks වලට hostage වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඕව මේ හුණ්ඩුවන්ට තේරෙන්නෙ නෑ

      Delete
  7. e kale oyala kiwwe lokaweladapole wadi wenakota wadi karanna andu oneda kiyalane

    ReplyDelete
    Replies
    1. ඒව ඉතිං හුණ්ඩු කතා නෙව

      Delete
  8. ඉතිං ලෝක වෙළඳපොලේ මිල අනුව මෙරට පෙට්‍රල් ඩීසල් මිල වැඩි කරන්න ආණ්ඩුවක් ඔනැයැ ? ඔ්ක පිටකොටුවෙ මුදලාලි කෙනෙකුට වුනත් කරන්න පුලුවන්නෙ ...

    ReplyDelete
  9. ආණ්ඩු එපා වෙලා නිසා තමයි හුණ්ඩුවො ගෙනාවෙ

    ReplyDelete
  10. හික්..හික්..ලෝක වෙළෙඳ පොළේ මිල වැඩි වෙන කොට මෙහෙ මිල උස්සන්න ආණ්ඩු මොකටද?

    ReplyDelete
Previous Post Next Post