අගරදගුරු ඉල්ලා අස්වෙයි..? පාස්කු ප‍්‍රහාර කතා ගැන වතිකානුවට වාර්තා..


ශ්‍රී ලංකාවේ කතෝලික සභාවේ ප්‍රධාන නායකත්ව වෙනසක් සඳහා මග පෑදෙමින්
, වත්මන් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙම වසර අවසානය වන විට සිය ධූරයෙන් ඉවත් වීමට ඉඩ ඇති බව කොළඹ පල්ලියේ අභ්‍යන්තර ආරංචි මාර්ග සහ වතිකානුවෙන් ලැබෙන තොරතුරු උපුටා දක්වමින් 'ශ්‍රී ලංකා ගාඩියන්' වාර්තා කරයි.

2009 වසරේ සිට 9 වැනි කොළඹ අගරදගුරුතුමන් ලෙස සේවය කරන කාදිනල් හිමිපාණන්, මේ වසරේදී සිය 79 වැනි වියට පා තබයි.

පල්ලියේ නීති රීති අනුව රදගුරුතුමන්ලා වයස අවුරුදු 75 දී ඉල්ලා අස්විය යුතු වුවද, කාදිනල් හිමිපාණන් හට වයස අවුරුදු 80 දක්වා පාප් වහන්සේ තේරීමේ ඡන්ද බලය හිමි වේ

කෙසේ වෙතත්, කාදිනල් හිමිපාණන් සිය 79 වැනි උපන්දිනයෙන් පසු විශ්‍රාම ගැනීමට ස්වේච්ඡාවෙන්ම කැමැත්ත පළ කර ඇති බව වාර්තා වේ.

මෙම තීරණයට පසුබිම් වී ඇත්තේ අගරදගුරුතුමන්ගේ මෑත කාලීන ක්‍රියාකලාපය සහ සභාවේ නායකත්වයේ දිශානතිය පිළිබඳව වතිකානුවේ ඇතැම් පාර්ශ්වයන් තුළ පවතින නොසන්සුන්කාරී තත්ත්වයයි.

විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයෙන් පසු යුක්තිය ඉල්ලා උන්වහන්සේ කළ ප්‍රකාශයන් සහ වතිකානුවේ ශ්‍රී ලංකා තානාපති මොන්සිඤ්ඤෝර් ඇන්ඩ්‍රේ ජොස්වොවිච් හිමිපාණන් මෑතකදී අවධාරණය කළ සංහිඳියාව පිළිබඳ ස්ථාවරය අතර යම් පරස්පරතාවයක් නිරීක්ෂණය වන බවද එම වාර්තාව පෙන්වා දෙයි.

කාදිනල් හිමිපාණන්ගේ අනුප්‍රාප්තිකයා ලෙස දැනට නම් හතරක් පිළිබඳව අවධානය යොමුව ඇති බව පල්ලියේ ආරංචි මාර්ග සඳහන් කරයි.

16 Comments

  1. පතිරණ ගලප්පත්ති රාජපක්ෂApril 23, 2026 at 4:43 PM

    අගුරු කුමාරගෙ අගමැතිකමට වඩා සුදුසුයි

    ReplyDelete
  2. වතිකානුවේ කාදිනල් හිමි නමකට තියෙන බලය වතිකානු තානාපතිවරයෙකුට වඩා වැඩියි. කාදිනල්තුමාත් රදගුරුවරයෙක් කාලේ වතිකානුවේ නැගෙනහිර ටිමෝර් හි තානාපති හැටියට කටයුතු කරලා තියෙනවා.

    ReplyDelete
  3. සුද්දගේ කුක්කාApril 23, 2026 at 6:26 PM

    මේ අල්මේදා ඉන්න ඕනා පෲතුගීසියේ…. මේකා මොකද මේ අපේ රටේ කරන්නේ ….

    ReplyDelete
  4. අම්මෝ ලොකු දෙයක්. වයිරය වපුරවනවා. එයාගෙ හිතේ ඉන්න එක්කෙනා තමයි බෝම්බ තිබ්බෙ කියලකියනකම් වයිරය වපුරවනවා. බෝම්බ තියපු එකා ඇවිත් කිව්වත් මමයි තිබ්බෙ කියලා මෙයා කියන්නෙ ගෝටබය❤මැතිතුමා බෝම්බ තිබ්බා කියලා. ඔන්න පූජකවරුන් ගෙ හැටි.

    ReplyDelete
  5. හොඳ පුද්ගලයෙක් නමුත් මට හිතෙන්නේ දේශපාලකයාගේ ලනු ගිල්ලා.

    ReplyDelete
    Replies
    1. Kotinta kade giya thrasthawadiyek mu

      Delete
  6. යන්න ඉස්සර මහ මොලකරු හොයලා හිටහං.

    ReplyDelete
  7. සිරිල් ගාමිණීApril 23, 2026 at 6:54 PM

    ඕක මට දීල මකබෑවෙලා පල!

    ReplyDelete
  8. පාස්කු ප්‍රහාරයට පසුව ඇතිවීමට තිබුණ කතෝලික සහ සෙසු ජනතාවගේ මුස්ලිම් විරෝධී ප්‍රචන්ඩත්වය සම්පූර්ණයෙන්ම නතර කෙරුවේ කාදිනල් තුමාගේ කාරුණික නායකත්වය නිසයි. ඒ පිළිබඳව එතුමාට ප්‍රශංසාව පුදකලයුතුයි.

    ReplyDelete
    Replies
    1. Un wa berala Apita Arinawa

      Delete
    2. කාඩිනල් තට්ට මයිනාApril 23, 2026 at 8:31 PM

      මම කොනකපපු එව්න්ට ආදරෙයි.

      ඒ වුනාට මට හිංගල බවුද්දයෝ පෙන්නන්ඩ බෑ.

      Delete
  9. අනේ සාදු.

    ReplyDelete
  10. මූව දුම්මල ගහලවත් එලවන්ඩ බෑ.

    ReplyDelete
Previous Post Next Post