ඉන්දියානු ණය ආධාර ක්‍රමය භාවිත කරමින්, නිසි ලියාපදිංචියක් නොමැති ආයතනයකින් ඖෂධ මිලදී ගැනීම හරහා මෙරට පුරවැසියන්ගේ මූලික අයිතීන් කඩ කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කළේය.
2022 වසරේදී පවතින රෙගුලාසි උල්ලංඝනය කරමින් සිදුකළ මෙම ක්‍රියාවලියට වගකිවයුතු එවක සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු නිලධාරීන් පිරිසකට රජය වෙත විශාල වන්දි මුදලක් ගෙවන ලෙස අධිකරණය නියෝග කර තිබේ.
අදාළ නඩු තීන්දුවට අනුව වගඋත්තරකරුවන් ගෙවිය යුතු වන්දි මුදල් මෙසේය.
- කෙහෙළිය රඹුක්වැල්ල (හිටපු සෞඛ්‍ය අමාත්‍ය): රුපියල් මිලියන 75 ක්
- ජනක චන්ද්‍රගුප්ත (හිටපු සෞඛ්‍ය ලේකම්): රුපියල් මිලියන 50 ක්
- මහාචාර්ය එස්.ඩී. ජයරත්න (ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති): රුපියල් මිලියන 50 ක්
- වෛද්‍ය විජිත් ගුණසේකර සහ වෛද්‍ය තුසිත සුදර්ශන: රුපියල් මිලියන 50 ක්.
මෙම සියලු වන්දි මුදල් අදාළ පුද්ගලයන් විසින් තම පෞද්ගලික ධනයෙන් රජය වෙත පියවිය යුතු බව අධිකරණ තීන්දුවේ අවධාරණය කර ඇත.

Rajaya balan innawa mudalin bala gal aguru genna
ReplyDeleteසෞඛ්‍ය ලේකම්ට තමයි උපරිම මූලික වැටුප වන රු. 140000 ලැබුණේ. මිනිසාගෙන් යැපෙන කවුරුවත් නැත්නම් මාසයකට රු. 40000 ඉතුරු කරන්න පුලුවන් වෙයි. අවුරුද්දකට රු. ලක්ෂ 4.8. මිලියන 50 ඉතිරි කරන්න අවුරුදු 100 වඩා යනවා.
ReplyDeleteකෙහෙලියට හරි ඊළඟට නලින්දට
ReplyDeletemama JVP ekata kade yanna ponna wesa ballek.mama kanne AKD ge boka...meeta පතිරණ රාජපක්ෂ ගලප්පත්ති
ReplyDeleteමේ තීන්දුවේ ප්‍රකාරවම තමා නලින්දටත් බඩු බනිස් වෙන්නෙ. දෙන්නම කරල තියෙන්නෙ එකම වරද. කාලපරාසය විතරයි වෙනස්.
ReplyDelete