මැදපෙරදිග කලාපයේ පවතින අස්ථාවර යුදමය වාතාවරණය හේතුවෙන් මෙරට තේ කර්මාන්තය දැඩි අර්බුදයකට මුහුණ පා ඇති බව ජාතික තේ වැවිලිකරුවන්ගේ සංගමය පෙන්වා දෙයි.
එම සංගමයේ සභාපති සමන් ගීගනගේ මහතා සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාවේ සමස්ත තේ අපනයනයෙන් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් (52%) අහිමි වීමේ බරපතළ අවදානමක් මේ වන විට නිර්මාණය වී ඇති බවයි.
2023 සහ 2024 වසරවල දේශීය නිමි තේ නිෂ්පාදනයෙන් 52%ක්ම අලෙවි වී ඇත්තේ මැදපෙරදිග සහ උතුරු අප්‍රිකානු කලාපීය රටවලටය. භාණ්ඩ හුවමාරු ක්‍රමය හා ඍජු මිලදී ගැනීම් හරහා සිදු වූ මෙම වෙළඳාම වත්මන් ගැටුම් හේතුවෙන් ඇණහිට ඇත.
ශ්‍රී ලංකාවෙන් තේ මිලදී ගන්නා ප්‍රමුඛතම රටක් වන ඉරානය සමඟ ක්‍රියාත්මක වූ "තේ වෙනුවට ඉන්ධන" ලබා ගැනීමේ ගිවිසුම තාවකාලිකව නතර වී තිබේ. සිලෝන් තේ සඳහා ජාත්‍යන්තර වෙළඳපොළේ ඉහළ මිලක් පවත්වා ගැනීමට ඉවහල් වූ මෙම ගිවිසුම අකර්මන්‍ය වීම විශාල පාඩුවකි.
මෙරට වාර්ෂික නිමි තේ නිෂ්පාදනය වන කිලෝග්‍රෑම් මිලියන 256න් 65%ක්ම සපයනු ලබන්නේ කුඩා තේ ගොවීන් විසිනි. අපනයන මාර්ග ඇහිරීම හේතුවෙන් මෙම සුළු පරිමාණ වගාකරුවන්ගේ ජීවනෝපාය දැඩි තර්ජනයකට ලක්ව ඇත.
පවතින අර්බුදයෙන් තේ කර්මාන්තය මුදා ගැනීම සඳහා රජය වහා මැදිහත් විය යුතු බව සභාපතිවරයා අවධාරණය කරයි.
ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ලෙස සිලෝන් තේ සඳහා මැදපෙරදිගින් බැහැරව නව ලෝක වෙළඳපොළවල් කඩිනමින් හඳුනා ගැනීම, අපනයන ක්‍රියාවලිය වේගවත් කිරීමට අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය ලබා දීම, දේශීය තේ නිෂ්පාදන ක්ෂේත්රය කඩා වැටීම වැළැක්වීම සඳහා හදිසි වැඩපිළිවෙළක් සකස් කිරීම ඔහු පෙන්වා දෙයි

තන්ගච්චිලගෙ කරේ අත දාන් සෙල්ෆි ගත්තා. තේ කර්මාන්තෙටත් කෙල වුනා.
ReplyDeleteසිරාවටම. සමහරු ඉන්නව තමන්ට රාජ යෝග තියනව නමුත් රාජ්‍යට අපලයි. කොටා රටට පිලිලයක්.
ReplyDelete