බටහිර ආසියානු කලාපය තුළ පැන නැගී ඇති දැඩි යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සීඝ්රයෙන් ඉහළ යමින් පැවතීම හේතුවෙන්, මෙරට බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හදිසි සැලසුම් සකස් කර තිබේ.
ඉරානයේ ආධ්‍යාත්මික නායකයා ඝාතනය කිරීමත් සමඟ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සහ පසුව එල්ල වූ ප්‍රහාර හේතුවෙන් ගල්ෆ් කලාපයේ බලශක්ති යටිතල පහසුකම්වලට එල්ල වී ඇති බලපෑම මෙම මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇත.
ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කළේ පවතින තත්ත්වය හමුවේ ඉන්දියාවෙන් වැඩිපුර ඉන්ධන තොග ලබාගැනීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි.
"අගෝස්තු මාසය දක්වා ප්‍රමාණවත් බොරතෙල් සහ අනෙකුත් ඉන්ධන තොග දැනට අප සතුව පවතිනවා. ඉන් ඉදිරියට අඛණ්ඩ සැපයුමක් සහතික කරගැනීම සඳහා ඉන්දීය සමාගම් සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා," යැයි ඔහු පැවසීය.
ප්‍රවාහන පිරිවැය අවම වීම හේතුවෙන් සිංගප්පූරුවට වඩා ඉන්දියාවෙන් ඉන්ධන ලබාගැනීම වාසිදායක බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
Singapore Platts මිල දර්ශකයන්ට අනුව, පසුගිය දින කිහිපය තුළ භූමිතෙල් මිලෙහි කැපී පෙනෙන ඉහළ යාමක් දක්නට ලැබේ.
භූමිතෙල් බැරලයමාර්තු 3 වැනිදා පැවති ඇමරිකානු ඩොලර් 131.02 ක මිල මාර්තු 5 වන විට ඩොලර් 194.60 දක්වා 48% කින් ඉහළ ගොස් ඇත. ඩීසල් බැරලයක මිල ඩොලර් 117.51 සිට 140.98 දක්වා 19.9% කින් ඉහළ ගොස් තිබේ. පෙට්‍රල් බැරලයක මිල ඩොලර් 95.50 සිට 106.10 දක්වා 11% කින් ඉහළ ගොස් ඇත.
දැනට දේශීය වෙළෙඳපොළේ භූමිතෙල් ලීටරයක් රුපියල් 182 කට අලෙවි වන අතර, මාර්තු 1 වැනිදා මිල සංශෝධනයේදී එහි මිල වෙනස් නොවිණි.
ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කළහොත් ඉදිරි සති කිහිපය තුළ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 150 සීමාවට පැමිණිය හැකි බව කටාර් බලශක්ති අමාත්‍ය සාද් අල්-කාබි අනාවැකි පළ කරයි. මීට අමතරව, යුදමය අවදානම හේතුවෙන් නාවික ප්‍රවාහන ගාස්තු ඉහළ යාම ද මෙරට වැනි ආනයනික රටවලට දැඩි බලපෑමක් එල්ල කරනු ඇත.

India currently Sri Lanka’s main fuel supplier.
ReplyDeleteIndia imports discounted oil from Russia, so global market spikes don’t directly translate to immediate price increases.
Highlighting global oil price crisis while receiving stable supply raises questions about government transparency.
This narrative could be groundwork to justify future domestic fuel price hikes.
Instead of managing perception, government should clearly explain supply agreements and pricing mechanisms.
“ලෝකයේ තෙල් මිල ඉහළ යනවා කියලා ජනතාවට බිය පතුරවන්න කලින්, රජය පැහැදිලි කරන්න ඕනේ – ඉන්දියාවෙන් එන ඉන්ධන එකම මිලට ලැබෙනවා නම්, මේ global crisis drama එක build කරන්නේ ඇයි?”
ReplyDelete“ලෝකයේ තෙල් මිල ඉහළ යනවා” කියලා drama build කරනවා.
ReplyDeleteහැබැයි India රුසියාවෙන් discounted oil ගන්න නිසා මිල වැඩි නොකරන බව already කියලා තියෙනවා.
එහෙනම් ප්රශ්නය simple — ජනතාව බය කරන්නේ ඇයි?
Russia supply stable නම් “global crisis story” එක build කරන්නේ future price hike justify කරන්නද?
baya wenna deyak nehe. Singapore haraha thel tika enne. apita balapamak nehe
ReplyDeleteලෝක මිල ඉහළ යනකොට මිල වැඩි කරන්න ආණ්ඩුව මොකටද කියල ඇහුව මතකද?
ReplyDelete