ඊයේ නොරොච්චෝල මෙන් එකහමාරක් ඉන්ධන විදුලිය හදයි.. නොරොච්චෝල හිගය කැළණිතිස්ස පරදයි..

 


ඊයේ (මාර්තු 25) මෙරට විදුලි උත්පාදන දත්ත නිරීක්ෂණය කිරීමේදී, රාත්‍රී උපරිම ඉල්ලුම පවතින අවස්ථාවේදී නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයෙන් උත්පාදනය කරන විදුලි ප්‍රමාණය මෙන් 1.5 ගුණයකට ආසන්න ප්‍රමාණයක් ඉන්ධන (Thermal-Oil) දහනය මගින් ලබා ගැනීමට සිදුව ඇති බව අනාවරණය වේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ දෛනික දත්ත සටහන්වලට අනුව, රාත්‍රී 19:00 ට පවතින උපරිම ඉල්ලුම සැපයීමේදී ගල්අඟුරු මගින් මෙගාවොට් 642.7 ක් උත්පාදනය කරන විට, ඩීසල් ඇතුළු තාප විදුලි බලාගාර මගින් මෙගාවොට් 1023.5 ක ධාරිතාවක් පද්ධතියට එක් කර ඇත.

නොරොච්චෝල බලාගාරයේ ඒකක තුනම මේ වන විට සක්‍රීය මට්ටමේ පැවතියද, ඒවායේ උපරිම කාර්යක්ෂමතාවයෙන් විදුලිය නිපදවීමට නොහැකි වී ඇත්තේ ගෙන්වන ලද ගල්අඟුරුවල පවතින බාල ප්‍රමිතිය නිසා බවට චෝදනා එල්ල වේ. 

මාර්තු 26 වාර්තා වන දත්ත වලට අනුව බලාගාරයේ සමස්ත ජනන ධාරිතාවෙන් මෙගාවොට් 168 ක අඩුවක් පවතී. මෙම මෙගාවොට් 168 ක හිඟය, කෙලණිතිස්ස බලාගාරයේ සමස්ත ධාරිතාවයටත් වඩා වැඩි අගයක් ගැනීම විශේෂත්වයකි.

ඊයේ (25) දිනය තුළ මෙරට විදුලි ඉල්ලුම දිවා කාලයේදී මෙගාවොට් 2,959ක් ලෙස සටහන් වූ අතර, රාත්‍රී කාලයේදී එය මෙගාවොට් 3,072 දක්වා වර්ධනය වී තිබේ.

ඊයේ දවසේ සමස්ත විදුලි උත්පාදනයෙන් 21%ක් සූර්ය බලශක්තියෙන්ද, 14%ක් ජල විදුලියෙන්ද, 26%ක් ඉන්ධන බලාගාර මගින්ද සපුරා ගැනීමට පියවර ගෙන තිබුණි. මෙරට ප්‍රධානතම බලාගාරය වන නොරොච්චෝල ලක්විජය ගල්අඟුරු බලාගාරය මේ වන විට ජාතික පද්ධතියට මෙගාවොට් 670ක ධාරිතාවක් එක් කරමින් පවතී.

රාත්‍රී කාලයේදී සූර්ය බලශක්ති පද්ධති මගින් ජාතික පද්ධතියට අහිමි වන මෙගාවොට් 1,500ක ධාරිතාව පියවා ගැනීම සඳහා ජල විදුලි උත්පාදනය 42.2% දක්වා ඉහළ නැංවීමට කටයුතු කර ඇත.

විදුලි උත්පාදනය සඳහා ජල විදුලිය වැඩි වශයෙන් භාවිත කළද, ප්‍රධාන ජලාශවල ජල මට්ටම මේ වන විට ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව දත්ත වාර්තා පෙන්වා දෙයි. 

පවතින තත්ත්වය හමුවේ වුවද, අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සඳහා වික්ටෝරියා ජලාශයෙන් දෛනිකව ජලය ඝන මීටර් මිලියන 6.5ක් සහ රන්දෙණිගල රන්ටැඹේ ජලාශයෙන් ඝන මීටර් මිලියන 8.5ක් විදුලි උත්පාදනය වෙනුවෙන් මුදා හැරීමට ජල කළමනාකරණ කමිටුව තීරණය කර තිබේ.

4 Comments

  1. නියමයි, පච හල හල ඔහොම යං.

    ReplyDelete
  2. ගොන්නු අන්දන්න බේගල් බාල ගල් අගුරු වංචාව වහන්න හදනවා. මිනිස්සුනේ ඔච්චර රැවටෙන්න එපා.

    ReplyDelete
  3. කාලකන්නි ජෙවිපි හොර හැතිකරෙ රටෙ විදුලි බලය කා දැමුවා ..

    ReplyDelete
  4. හුණ්ඩුවට පුනරුදේ

    ReplyDelete
Previous Post Next Post