බැඳුම්කර වංචාවට වඩා හත් අට ගුණයක වංචාවක් ගල්අඟුරු සිද්ධියෙන් වී ඇතැයි හිටපු ඇමැති මහින්ද අමරවීර පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ අඟුණකොළපැලැස්සේ පිහිටි නිවෙසේදී පැවැති ජනහමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ඇමැතිවරයා මෙසේද කීවේය.
‘‘මේ රටේ ඉතිහාසයේ වුණු දැවැන්තම වංචාව ගල්අඟුරු වංචාව කියලා පැහැදිලියි. මොකද මීට පෙර සිද්ධ වුණු බැඳුම්කර සිද්ධිය අල්ලස් කොමිසමට අරන් ගිහිල්ලා එයට මැදිහත් වුණු කෙනෙක් විදියට මට පේනවා ඊට වඩා හත් අට ගුණයක වංචාවක්, දූෂණයක් ගල්අඟුරුවලින් වෙලා තියෙනවා කියලා. මොකද කාලයක් ඒක භාරව හිටිය ඇමැතිවරයා විදියට මට ලැබෙන තොරතුරු අනුව දූෂිතම ගනුදෙනුවක් වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම ඒ බර දරන්න වෙන්නේ මේ රටේ ජනතාවට. ඉදිරියේදී විදුලි බිල වැඩිවීමක් ඇති වෙයි. ආර්ථිකයට බලපෑමක් වෙයි. කවදාවත් නොවෙන තරමට පරිසරයට බලපෑමක් වෙයි. බලාගාරවලට විශාල හානියක් වෙන මේ කටයුත්ත කිරෙන්වත් හෝදලා ගල්අඟුරු වංචාව පිරිසුදු කරගන්න බැහැ කියන එක පැහැදිලිව පේන්න තියෙනවා. රජය වගකීම බාරගෙන මේවාට සම්බන්ධ අයට අවශ්‍ය පියවර ගත්තොත් විතරක් යම් මට්ටමකට ජනතාව පිළිගනී. ආණ්ඩුවම මේ නිසා අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා. කවදාහරි මේවට වගකියන්න සිද්ධවෙයි.
දඩ ගෙවනවා කියන එක සම්පූර්ණ වැරැදි කතාවක්. පරිසරයට වෙන හානියට කොහොමද වන්දි ගෙවන්නේ. බොයිලේරුවලට වුණ හානිය කොහොමද ගණනය කරන්නේ? දඩ මුදල ගණන් හදලා බැලුවත් තවත් බිලියන ගණනක තවත් මූල්‍යමය පාඩුවකුත් මේ ගනුදෙනුවෙන් වෙලා තියෙනවා.’’
සහම්පති මානගේ - තංගල්ල

මිනිස්සුන්ට තාම ඕකේ රඟේ තේරෙන්නෙ නැහැ. උන්ට දැන්නෙන්නෙ විදුලි බිලත් වැඩි කරලා, ඒත් ලයිට් පැය 4,5 කැපෙනකොට. එතකන් ආතල් එකේ ඉන්න පුලුවන් බුකියේ මඩ පෝස්ට් ලියාගෙන. ලයිට් කපන්න හේතු විදියට කියයි ජලාශ හිඳිලා, අරකයි මේකයි. හැබැයි මහින්දගේ කාලේ ජලාශ හිඳිලත් මිනිස්සුන්ට ලයිට් දුන්නා කපන්නෙ නැතුව.
ReplyDeleteකොහොම වුනත් තාමත් පුන්නක්කු කන 15%ක් විතර ඩෝබිලා ඉතුරු වෙලා ඉන්න නිසා, උන් තෙල් ගෑස් පොස්ලිම් වල තැපලා ඇවිත් ඕක හෝදල දෙයි.
ReplyDeleteආ අමතක වුනා ඩෝබිලා කිසිම වැඩක් කරන්නෙ නැහැනෙ.
උන් අම්මල අප්පලගෙන් කකා ඒ මිනිස්සුන්ටත් සද්දෙ දාගෙන ඉන්න ගොබ්බ පරපුරක් නේ.
සෘජු පාඩුව රුපියල් කෝටි 1800කට වැඩියි. ඕකෙන් ඉතා විශාල ප්‍රමාණයක් කොමිස් විදියට පැලවත්ත ගිණුමට තමයි ඉතින්.
ReplyDeleteWENSA DAN YANNE PAKSE GINUMATA, EX: MUN PADI GANNAHA HABAI PAKSE GINUMATA YANAWA
Deleteදේශපාලන දැනුමක් නැති මෝඩ මිනිස්සු මේ රටේ ඉන්න එක මහා අපරාධයක්.
ReplyDeleteප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සාර්ථක වෙන්න තියෙන්න ඕන ප්‍රධාන සාධක තමයි
නිදහස් මාධ්‍ය පැවතීම සහ දේශපාලන වශයෙන් බුද්ධිමත් මිනිස්සු සිටීම.
තුන් හුලස් නාලිකාව බලන පුන්නක්කු කන සෙට් එක කවදා නම් ඇත්ත තේරුම් ගනීද.
මේ වගේ ගොන් රැලකට 2/3 දීලා පාර්ලිමේන්තු එවන්න තරම් දේශීය ගව සම්පත රැවටුනා. දැන් ඉතින් අවුරුදු 5 ඉවර වෙනකන් කට උඩ බලාගෙන ඉන්න වෙන්නෙ.
තවම 1 අවුරුද්දයි ඉවර. තව 4ක් තියෙනව. මුන් ඔය 4ත් හිටියොත් ආපහු රට හදන්න බැරි තත්ත්වෙට විනාශ කරලා තමයි යන්නෙ.
දැනටමත් වෙලා තියෙන සංස්කෘතික විනාශය ආපහු හදන්න බැහැ. තරුණ ලමයි ආගමෙන් ඈත් කරලා ඉවරයි. දැනටමත් පාසල් වල 9000ක් අහු වෙලා ඉන්නව අයිස්, කුඩු ගහන උන්. මේ ළමයි ලොකු වෙනකොට රටට මොනව වෙයිද.
ඇයි කන්ටේනර් 327 වංචාව? එක අමතකද?
ReplyDelete