මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය දිගුකාලීනව පැවතුණහොත් ශ්‍රී ලංකාව දැඩි අර්බුදයකට මුහුණ දෙනු ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි.
මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා අවධාරණය කළේ රජය මෙම තත්ත්වය නිසි ලෙස කළමනාකරණය කිරීමට අපොහොසත් වුවහොත් මෙරට ආර්ථිකය දැඩි පීඩනයකට ලක්වන බවයි.
වර්තමානයේ පවතින ඉන්ධන පෝලිම් සහ ජනතාව කලබලකාරී ලෙස ඉන්ධන රැස්කිරීම පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.
"දත්තයන්ට අනුව මේ මොහොතේ ඉන්ධන හිඟයක් ඇතිවීමට ඉඩක් නැහැ. නමුත් රජය මේ තත්ත්වය නිසි ලෙස පාලනය නොකළහොත් ඉදිරියේදී ගැටලු මතු විය හැකියි. ඒ නිසා වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා."
එසේම, වත්මන් විදුලි බල උත්පාදනය සඳහා භාවිත කරන බාල ගුණාත්මක භාවයෙන් යුත් ගල්අඟුරු පිළිබඳවද මන්ත්‍රීවරයා සිය කනස්සල්ල පළ කළේය.
එවැනි ගල්අඟුරු මගින් අවශ්‍ය ප්‍රමාණයට විදුලිය උත්පාදනය නොවන බැවින් රජයට විදුලි කප්පාදුවකට යාමට හෝ අමතර ඉන්ධන මිලදී ගැනීමට සිදුවනු ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.
ලෝක ඉන්ධන සැපයුමෙන් සියයට 20ක් පාලනය කරන්නේ ඉරානය විසින් බැවින්, යුදමය වාතාවරණය හමුවේ ඉන්ධන මිලදී ගැනීම ශ්‍රී ලංකාව වැනි රටකට ඉදිරියේදී විශාල අභියෝගයක් වනු ඇති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Ditta Dhamma Vedaneeya kamma. Remember How Ranwala brothers diverted fuel bowsers intend to arrive in fuel stations, to other unknown destinations and created a false shortage to collapse the then government
ReplyDeleteDitta Dhamma Vedaneeya kamma. Remember How Ranwala brothers diverted fuel bowsers intend to arrive in fuel stations, to other unknown destinations and created a false shortage to collapse the then government
ReplyDeleteකෝ බං මෙහෙ කුලියට කොමෙන්ට් කොටපු ගණිකාවො ටික? පෙට්‍රෝල් පෝළිම්වල ද?
ReplyDeleteUN UNGE 3 WHEEL WALATA PETROL GAHANAWA
Deleteමිනිස්සු ඉන්ධන ගන්නේ මිනිස්සුන්ට පාවිචි කරන්න . නැතුව සේප්පුවේ දාන්න නෙමෙයි නේ . රජයේ වගකීම මිනිස්සුන්ට අවශ්‍ය දේ අවශ්‍ය පමණට අවශ්‍ය ඕනෑම වෙලාවක දෙන එක . බැරිනම් පුවන් කෙනෙක්ට දීලා යන එකයි . පර ජෙප්පොන්ට කල කම් පළ දෙන කාලේ ලං වෙනවා . කොහොමද බෙරේන් නාවලා සඳ ගුටි දීලා බිජ්ජ තලලා සැප ලැබෙනකොට
ReplyDelete