ඉරානය විසින් එල්ල කරනු ලබන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හමුවේ සිය ගුවන් ආරක්ෂණ පද්ධති ශක්තිමත් කර ගැනීම සඳහා කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින බව වාර්තා වේ.
පවතින ප්‍රහාරක වේගය අනුව කටාර් රාජ්‍යය සතු 'පේට්‍රියට්' මිසයිල නාශක පද්ධතිවල තොග ඉදිරි දින හතරක් ඇතුළත අවසන් වීමේ අවදානමක් පවතින බව බ්ලූම්බර්ග් පුවත් සේවය අනාවරණය කර ඇත.
මධ්‍යම දුර මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය සහ නවීන ආරක්ෂක පද්ධති කඩිනමින් ලබා දෙන ලෙස මෙම ගල්ෆ් රාජ්‍යයන් සිය මිත්‍ර රටවලින් ඉල්ලා තිබේ. ඉතාලි ආරක්ෂක අමාත්‍ය ගයිඩෝ ක්‍රොසෙටෝ ප්‍රකාශ කළේ, යුරෝපීය නිෂ්පාදනයක් වන SAMP/T හෙවත් 'MAMBA' පද්ධති ලබා දෙන ලෙස තමන්ට ඉල්ලීම් ලැබී ඇති බවයි.
කෙසේ වෙතත්, මෙම පද්ධති දැනටමත් යුක්රේනය වෙත ලබා දී ඇති බැවින් සහ යුරෝපයේ ආරක්ෂක අවශ්‍යතා ඉහළ මට්ටමක පවතින බැවින්, ඒවා ගල්ෆ් කලාපයට සැපයීම අසීරු වී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
කලාපීය අර්බුදය තවදුරටත් වර්ධනය වීම වැළැක්වීම සඳහා මැදිහත් වන ලෙස කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටී. පවතින යුද්ධයෙන් ඉවත් වීමට මගක් සොයා ගන්නා ලෙසත්, සටන් කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නා ලෙසත් ඔවුහු ට්‍රම්ප් පරිපාලනයට බලපෑම් කරමින් සිටිති.
ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) ප්‍රකාශ කරන්නේ, තම රටට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට ඇමරිකානු හමුදාවන්ට සිය භූමිය භාවිතා කිරීමට ඉඩ ලබා දීම හේතුවෙන් කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ සවුදි අරාබිය ඇතුළු රටවලට මෙම ප්‍රහාර එල්ල කරන බවයි.
මේ අතර, හෝමූස් සමුද්‍ර සන්ධියේදී හෝන්ඩුරාස් රාජ්‍යයට අයත් 'Athen Nova' තෙල් ප්‍රවාහන නෞකාවට ඩ්‍රෝන ප්‍රහාර දෙකක් එල්ල වී ඇති අතර, එය ඇමරිකාව සමඟ සම්බන්ධීකරණයෙන් ක්‍රියා කළ නෞකාවක් බව ඉරානය චෝදනා කරයි.
ඉරානය එල්ල කරන ඩ්‍රෝන ප්‍රහාර, මිසයිල ප්‍රහාරවලට වඩා ප්‍රබල තර්ජනයක් ලෙස කටාර් රාජ්‍යය මේ වන විට හඳුනාගෙන තිබේ. මේ හේතුවෙන් ගුවන් ආරක්ෂණ පද්ධතිවල පවතින දැඩි හිඟය කලාපීය ආරක්ෂාවට දැඩි බලපෑමක් එල්ල කර ඇත

ට්‍රම්ප්ට සහයෝගය දැක්වුයේ ඔවැනි දේ බලාපොරොත්තුවෙන් නොවේද?තමන්ගෙ සතුරාට නවාතැන් දුන් අයට ඔවුන් පහරදීම ස්වභාවිකයි.මැද පෙරදිග රටවල් වල සිට තමයි එයාල ඉරානයේ රහස් තොරතුරු ගත්තේ.දැන් ඉතින් කුම්බලා මාලු කැවනම් විඳවපන් බළලෝ කියලා තමයි අපටනම් කියන්න තියෙන්නේ.
ReplyDeleteExactly
Delete