ආර්ථික මධ්‍යස්ථාන සියල්ල සමාගමක් යටතට....

 


ආර්ථික මධ්‍යස්ථාන සියල්ල National Agri Market Servives නමින් 100%ක් කොටස් හිමිකාරිත්වය රජය සතු සමාගමක් යටතට පත් කිරීම සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි ආර්ථික මධ්‍යස්ථානවල ව්‍යාපාරික සංගම් නියෝජිතයින්, කළමනාකරණ කමිටු සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (04) පවත්වන ලදී.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා නාරාහේන්පිට, මීගොඩ, පිළියන්දල, රත්මලාන යන ආර්ථික මධ්‍යස්ථානවල නියෝජිතයින් එක්වූ අතර මෙහිදී ආර්ථික මධ්‍යස්ථානයන්හි ව්‍යාපාරික ප්‍රජාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.

National agri market services Ltd සමාගම භාණ්ඩාගාර ලේකම් යටතේ පවතින සියයට සියයක් කොටස් රජය සතු සමාගමක් බවත් එය පුද්ගලික සමාගමක් නොවන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ඔවුන්ට පැහැදිලි කර දෙන ලදි.

ඇතැම් ආර්ථික මධ්‍යස්ථානවලින් එවා ස්ථාපිත කිරීමේ අරමුණ ඉටු නොවන බැවින් එය ක්‍රමවත් කිරීමට මෙම සමාගම ස්ථාපිත කළ බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කරන ලදි.

මෙම අවස්ථාවට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඇතුළු නිලධාරීන්, කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරු මෙන්ම කළමනාකරණ කමිටු සාමාජිකයන්, National agri market services Ltd ආයතනයේ සභාපතිතුමා ඇතුළු නිලධාරින් ද ආර්ථික මධ්‍යස්ථානවල ව්‍යාපාරික සංගම් නියෝජිතයින් ද එක්විය.

2 Comments

  1. Boru, Indian kara yek ta viku na la lu pacha kota

    ReplyDelete
  2. සමාජවධය

    ReplyDelete
Previous Post Next Post