‘කැලෑ නීතියට ඉඩ දෙන්න බෑ..’ චීනයත් නිහඬතාවය බිදී...

 


ඉරානයට එල්ල වන ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර මධ්‍යයේ එරට පාලන තන්ත්‍රය වෙනස් කිරීමට දරන ඕනෑම උත්සාහයකට මහජන සහාය නොලැබෙනු ඇති බවට චීනය අනතුරු අඟවා තිබේ.

බීජිං නුවර පැවති වාර්ෂික සමුළුවක් අතරතුර මාධ්‍ය හමුවකට එක්වෙමින් චීන විදේශ අමාත්‍ය වන්ග් යී ප්‍රකාශ කළේ, වර්ණ විප්ලව සැලසුම් කිරීම හෝ බලහත්කාරයෙන් රජයන් වෙනස් කිරීමට උත්සාහ කිරීම ජනතා ප්‍රසාදය දිනා නොගන්නා ක්‍රියාවන් බවයි. මැදපෙරදිග කලාපයේ පවතින මිලිටරි මෙහෙයුම් වහාම නතර කරන ලෙසත්, ඉරානය ඇතුළු සියලුම රටවල ස්වෛරීභාවයට ගරු කරන ලෙසත් ඔහු මෙහිදී දැඩි ලෙස ඉල්ලා සිටියේය.

"මෙය කිසිසේත්ම සිදු නොවිය යුතුව තිබූ යුද්ධයක්. මෙයින් කිසිවෙකුට යහපතක් සිදුවන්නේ නැහැ," යනුවෙන් පැවසූ විදේශ අමාත්‍යවරයා, බලය පාවිච්චි කිරීම ගැටලුවලට විසඳුමක් නොවන බවත් සන්නද්ධ ගැටුම් මගින් වෛරය පමණක් වර්ධනය වී නව අර්බුද නිර්මාණය වන බවත් පෙන්වා දුන්නේය. ලෝකය නැවතත් 'කැලෑ නීතියට' ගමන් කළ නොහැකි බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

3 Comments

  1. China Salute Grate analysis

    ReplyDelete
  2. Thank you machan, විමලයාටත් thanks

    ReplyDelete
Previous Post Next Post