මැද පෙරදිග කලාපයේ ඇති වී ඇති යුධමය තත්ත්වය හේතුවෙන් සිදු වන බාහිර කම්පන මඟින් මහජනතාවගේ එදිනෙදා ජීවිතයට මෙන්ම සමස්ත ආර්ථිකයට ඇති වන බලපෑම විධිමත්ව කළමනාකරණය කර ගැනීම පිණිස රජය විසින් විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටී.
ඒ යටතේ මහජනතාව වැඩි වශයෙන් භාවිත කරනු ලබන ඔක්ටේන් පෙට්‍රල් සහ පොදු ප්‍රවාහනය සඳහා භාවිත කරනු ලබන ඔටෝ ඩීසල් මිල ගණන් ඉහළ යාම පාලනය කිරීම සඳහා රජයේ මැදිහත්වීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, 2026-03-22 දින සිට 92 ඔක්ටේන් පෙට්‍රල් හා ඔටෝ ඩීසල්වල ප්‍රකාශිත විකුණුම් මිලට වඩා ආනයනික මිල වැඩි නම්, 92 ඔක්ටේන් කාණ්ඩයේ ඉන්ධන ලීටරයක් සඳහා රුපියල් 20/- ක් දක්වා සහ ඔටෝ ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 100/- ක් දක්වා ඉන්ධන ආනයනික සැපයුම්කරුවන් වෙතගෙවීම මඟින් ඉන්ධන මිල ඉහළ යාම පාලනය කරමින් මහජනතාව වෙත සහන සැලසීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ආයෙ බංකොලොත් වෙන්න යන්නෙ මේක. කලින් බංකොලොත්විල්ලත් පටන් ගත්තෙ ඔය වැඩෙන්ම තමයි.
ReplyDeleteAparade uba Finance Minister hari, Central Bank Governor hari wenna thibbe...Oya inna thana madi..Aprade
Deleteඩීසල් මිල සමග බොහෝ පාරිභෝගික අවශ්‍යතාවල මිල රඳා පවතින නිසා එහි මිල පාලනය කරන්න සහනයක් දුන්නාට අවුලක් නැහැ. නමුත් පෙට්‍රල් වලට එම සහනය අවශ්‍ය නැහැ.
ReplyDelete"පාස්කු ප්‍රහාරයේ මහමොලකරු සොයායෑම" ග්‍රන්ථය එලිදැක්වීමේ සජීව විකාශනය දැන් යූටියුබ් එකේ නරඹන්න.
ReplyDeleteබොරතෙල් බැරල් එකේ මිල මේ ගමන යුද්ධය හින්දා උපරිම ගියේ එකසිය තිස් හතරට දැන් එකසිය 111යි ගානකට අඩු වෙලා ඒත් මුං මේ ගමන මිල සංශෝධනයට පාදක කරගත්තේ ලෝකේ කවදාවත් මිල ඒ ගණනකට ඉහළ ගිය නැති බැරල් එක ඩොලර් එකසිය අසූව ගානේ දාලා.ඉහළම විදිහට මිල වාර්තා වෙලා තිබුණේ 2022 දී ඩොලර් එකසිය හතලිස් ගානකට.එහෙම එකේ පෞද්ගලික සමාගම් වලට පාඩු වෙන්නේ කොහොමද?.අනිත් එක සුපර් තෙල්වල ගාන මිල සංශෝධන ගානට වඩා වැඩියි.මේ මොනවත් නෙමේ කරන්න හදන්නේ පාඩුයි කියලා පෞද්ගලික සමාගම්වලට මහජන බදු මුදල් එතෙන්ට ගෙවලා එතනින් ගානක් කඩා ගන්න හදන එක.කොහොමත් තිබිච්ච තෙල් වලට මිල වැඩි කරලා හැම විදිහකටම ලාභ උපයන්න දීලා එතනින් ගානකුත් කඩාගන්න ඇති. ඒක නං සහතිකයි.දැන් ඉන්නෙ එව්වන්ගේ කප්පන් අල්ලස් ටයිප් එක ඒක.
ReplyDelete