රජයේ නිළ නිවසක කසිප්පු පෙරයි..


තලවකැලේ තේ පර්යේෂනායතනයේ රියදුරු නිළ නිවසක් තුල නීති විරෝධී ලෙස මත් පැන් පෙරමින් සිටි එම ආයනතයේ සේවය කර විශ්‍රාම ගොස් සිටින රියදුරෙකු 
අත්අඩංගුවට ගත් බව ලිදුල පොලිසියේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක පාලිත නන්දසිරි මහතා පැවසීය.

සැකකරු කාලයක් තිස්සේ නිළ නිවසේ මුළුතැන්ගෙය තුල නීති විරෝධීලෙස මත්පැන් පෙරා මිතුරන් අතරේ අලෙවි කිරිමේ ජාවාරමේ නිරතව සිට ඇති බවත්, සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ගෝඩා මිලි ලීටර් 50000ක් සහ නීති විරෝධීලෙස මත් පැන් පෙරීමට උපයෝගි කර ගත් උපකරණ රැසක් පොලිසිය භාරයට ගත් බවයි එම නිළධාරියා කියා සිටියේ.

අවුරුදු 65ක් වයසැති සැකකරු නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව එම නිළධාරියා වැඩි දුරටත් පැවසීය.

රංජිත් රාජපක්ෂ

1 Comments

  1. Hats off to the stake holder for his infrastructure development project under the government roof.

    ReplyDelete
Previous Post Next Post