ලෝක වෙළඳපොළේ පවතින ඉන්ධන මිල උච්චාවචනයන් හමුවේ මෙරට ඉන්ධන මිල තීරණය කිරීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (20) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.
එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඩොලරයකින් ඉහළ ගියහොත්, මෙරට ඉන්ධන මිල රුපියල් දෙකකින් ඉහළ යන බවයි.
මෙය ඉතා සරලව ගණනය කළ හැකි කරුණක් බවත්, ඒ අනුව මිල තීරණය කිරීමේ තීන්දුව කඩිනමින් ගැනීමට සිදුවන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
රටේ බලශක්ති සැපයුම කිසිදු බිඳ වැටීමකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම රජයේ මූලික අරමුණ බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඉදිරි කාලය සඳහා අවශ්‍ය ඉන්ධන සහ බොරතෙල් ලබා ගැනීම වෙනුවෙන් රජය විසින් ක්‍රියාත්මක කළ ටෙන්ඩර් පටිපාටිය පිළිබඳවද ජනාධිපතිවරයා අදහස් පල කලේය.
පසුගිය 05 වැනිදා ඉන්ධන වර්ග කිහිපයක් සඳහා ටෙන්ඩර් කැඳවා ඇති අතර, එම ටෙන්ඩර් 17 වැනිදා විවෘත කර ඇත. මේ යටතේ ඩීසල්, පෙට්‍රල්, දැවි තෙල්, ජෙට් ඒ-1 (Jet A-1) සහ බොරතෙල් ආනයනය කිරීමට නියමිතය.
අප්‍රේල් 06 සහ 07 දිනවල මෙරටට ළඟා වීමට නියමිත ඩීසල් නෞකාවක් සඳහා ටෙන්ඩරය ප්රදානය කර ඇත. අප්‍රේල් 16 සහ 17 දිනවල පැමිණීමට නියමිත පෙට්‍රල් නෞකා දෙකක් සඳහා ටෙන්ඩර් ප්රදානය කර අවසන්ය. අප්‍රේල් 12-13 දිනවල පැමිණෙන දැවි තෙල් නෞකාවක් සහ අප්‍රේල් 10-11 දිනවල පැමිණෙන ජෙට් ඒ-1 නෞකාවක් සඳහා ද ටෙන්ඩර් ප්රදානය කර ඇත.
බොරතෙල් ආනයනය සඳහා අප්‍රේල් සහ ජූනි මාස ඉලක්ක කරගනිමින් ටෙන්ඩර් දෙකක් කැඳවා තිබුණි. කෙසේ වෙතත්, අප්‍රේල් මාසය සඳහා බොරතෙල් සැපයීමට කිසිදු සමාගමක් ඉදිරිපත් වී නොමැති නමුත් ජූනි මාසය සඳහා බොරතෙල් නෞකාවක් සැපයීමට එක් සමාගමක් එකඟතාව පළ කර ඇති අතර, එම ටෙන්ඩරය අදාළ සමාගම වෙත ප්රදානය කිරීමට රජය පියවර ගෙන ඇත.
"මාර්තු මාසේ 24-25 අපිට බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000ක නැවක් එන්න තිබුණා අපිට බොරතෙල් එන්නේ ෆුජේරා වරායෙන්. නමුත් ඔබ දන්නවා ෆජේරා වරයාට සිදුවූ විපත. තව එන්න තිබුණා මෙට්‍රික් ටොන් 90,000ක නැවක් ඒක එන්නෙත් නෑ... බොරතෙල් නැව් ටික නොලැබීම තමයි අපිට ප්‍රශ්න මතුවෙන්න පුළුවන් තැන්. ඒ අනුව අපි මාර්තු 5 වැනිදා අපි ටෙන්ඩරයක් කෝල් කළා. ඒ ටෙන්ඩරය මේ 17 වැනිදා විවෘත කළා. අපි 5වැනිදා කෝල් කරපු ටෙන්ඩරයෙන් ඩීසල්, පෙට්‍රල්, දැවිතෙල් ජෙට් A1 සහ බොරතෙල් නැව් 2කට. ඩීසල් නැවකට අපි ටෙන්ඩරය ප්‍රධානය කළා අප්‍රේල් 6-7 එනවා. පෙට්‍රල් එකක් අපි ප්‍රධානය කළා අප්‍රේල් 16-17 එනවා, දැවිතෙල් එකක් ප්‍රධානය කළා අප්‍රේල් 12-13 එනවා, ජෙට් A1 එකක් ප්‍රධානය කළා 10-11 එනවා අප්‍රේල්.
එක ඩොලරයකින් තෙල් මිල වැඩිවුණොත් රුපියල් 2කින් අපේ තෙල් මිල වැඩිවෙනවා. ඒක තමයි සූත්‍රය. ඩොලරයට සාපේක්ෂව රුපියල කඩා වැටීම හේතුව නෙමෙයි මේ ඉන්ධන මිල ඉහළ යාම විසින් අපිට බලපෑමක් කරලා තියෙනවා.
ලෝකේ පුරා රටවල් ඉන්ධන මිල වැඩිවීම ගැන තීරණයක් අරන් තියෙනවා. ආසන්න වශයෙන් 6% ඉඳන් 50% දක්වා තෙල් මිල වැඩිවීමක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපේ රට ගත්තොත් අපි 8%යි වැඩි කරලා තියෙන්නේ හැබැයි ලෝකේ 49% දක්වා වැඩි කිරීමක් වෙලා තියෙනවා. තෙල් මිල සම්බන්ධව ප්‍රශ්නයකට අපි මුහුණ දීලා තිබෙනවා. අපිට 57%ක් සපයන්නේ තෙල් සංස්ථාව. අපිට තෙල් සංස්ථාව විතරක් තිබුණානම් මේක මේ වෙලාවේ පාඩු ලබලා අනිත් වෙලාවේ ලාබ ලබනවායි කියලා කළමනාකරණය කරගන්න පුළුවන්. හැබැයි 43%ක් තියෙන්නේ පෞද්ගලික අංශයට. ඔවුන් කියන්නේ මොකක්ද ඔවුන් කියන්නේ මේ මොහොතේ ගේන තෙල්වලට මේ මොහොතේ තිබෙන මිල දෙන්නේ නැත්නම් අපි ගේන්නේ නෑ කියලා. ඒක සාධාරණයි. ඔවුන්ගේ ගණනය අනුව එක නැවකින් ඔවුන්ට පාඩු වෙනවා ඩොලර් මිලියන 55ක්. එහෙම පාඩු වෙන්න කවුරුත් තෙල් ගෙන්නේ නෑ. මේ ඉන්ධන සැපයුම්වලට පෞද්ගලික අංශයේ දායකත්වය අවශ්‍යයි. හැබැයි ඔවුන් දායකත්වය ලබා දෙන්නේ ඔවුන්ගේ කොස්ට් එකට අනුව විකුණගන්න ලැබුණොත් විතරයි. ඉන්ධන මිල පිළිබඳව අපි ඉතා ඉක්මනින් සැලකිල්ලට ලක් කළ යුතුයි.
දැනට අපේ පනත අනුව සමාගම්වලට අවසර දීලා තිබෙනවා මිල වැඩිකරන්න. හැබැයි පනතෙන් තියනවා උපරිම මිල තීරණය කරන්නේ පෙට්‍රෝලියම් එක කියලා. අපි මේ සමාගම් එක්ක ගිවිසුම්වලට ගියාට පනතේ අවශ්‍ය සංශෝධන කරලා නෑ. අපේ තෙල්වලින් බදු ආදායම එන්නේ බිලියන 20යි. ගිය අවුරුද්දේ අපිට බිලියන 240ක ආදායමක් ඇවිල්ලා තියෙනවා ඩීසල් සඳහා බද්දෙන්."

puke agilla gahala lewa kapiya kari wesa balla
ReplyDeleteAi Ban me ape AKD kariya Robo kenek wage awidinne? Puke hila loku welada kathanayaka puke arala?
ReplyDeleteචන්දෙට සල්ලි වියදම් කරපු සමාගම්ද?
ReplyDeleteමිනිහා මරවලා පුංචි අම්මා සහේට ගත්තු, අඩු කුලේ, පචෝරිස් පාහර බල්ලා 🤮😡 මුන් අපේ බදු මුදලින් සුර සැප විඳිමින් තවත් කෝචෝක් දානවා 🤮😡 එදා පූටින් බ්‍රික්ස් සමුළුවට සහභාගී වෙන්න කරපු ආරාධනාව පිළිඅරගෙන ඒ සම්බන්ධතා ඉදිරියට අරගෙන ගියා නම් අද අපිට ඔය බොහෝ ප්‍රශ්න දැනෙන්නේ වත් නැති තරම් වන්න බොහෝ විට ඉඩ තිබුණා. මුන්ගේ මරි මෝඩ ගති, කුහක, ත්‍රස්තවාදී ගති ප්‍රදර්ශනය කරමින් අපේ සැබෑ මිතුරන් තරහා කරගනිමින් ලෝක ත්රස්තවාදීන් කියන විදියට කටයුතු කෙරුවා. 😡🤮 ඒ නිසාම අපිට එදා සෝවියට් රජයෙන් ලබාදුන් ඔරුවල වානේ සංස්ථාව, කැළණි ටයර් සංස්ථාව, පැලවත්ත සීනි කර්මාන්ත ශාලාව, තුල්හිරිය පේෂ කර්මාන්ත ශාලාව වැනි බොහෝ දේ ආධාර මත, සහන දායි ණය මත ලබාගැනීමට ඉඩ තිබුණා. ඒ මිනිස්සු ඉදිරියට බලයට එන පිරිස සමඟ හෝ සමගියෙන් කටයුතු කරාවි අපේ රටේ පොදු ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන්. තොපි තොපේ නොහැකියාව පිළිඅරගෙන කරන්න පුළුවන් කෙනෙකුට ඉඩදීලා ඉවත්වෙලා පලයව්! 😡 නැතිනම් අද හෙටම ගුටි කාලා රටෙනුත් පලායාමට සූදානම් වෙයල්ලා තොපිව කුමන්ත්‍රණ කාරී ලෙස බලයට ගෙනා ජූලී චං දකුණු කොරියානු සම්භවයක් සහිත හැතිරියගේ තුරුලට ගොස් ඒකිත් සමඟම කල්ප ගාණක් පැහෙන නිරයට යෑමට සූදානම් වෙයල්ලා තොපි අපේ රට, දැය, සමයට කරපු, කරන ඉර හඳ නුහුලන අපරාධ වලට අනුව.😡🤮
ReplyDeleteWell said 👏👏
Deleteලොකු කොම්පැනිකාරයෝ ලපයාව සල්ලි වලට අරගෙන ඉවරයි. ලපයට ලොකු කොම්පැනිකාරයන් ගැන හරී දුකයි. දුප්පත් මිනිහට කෙලවුනත් කමක් නෑ ලොකූ කොම්පැනිකාරයෝ ජීවත් කරවලා.
ReplyDelete👉
ReplyDelete“අරගල කාලේ ඉන්ධන මිල අඩු කරනවා කියපු කතා ටික දැන් බලද්දි හරිම comedy show එකක් වගේ 😂. එදා ජනතාවට ‘අපි වෙනස්’ කියලා පෙන්නුවේ මේකටද? බලයට ආවම ඉන්ධන මිල වැඩි කරලා, පොරොන්දු ටික අමතක වෙලා. මෙහෙම තමයි නේ ‘වෙනස්’ දේශපාලනය කියන්නේ 😏. ජනතාවව මෙහෙම අන්දන්නෙ නැතුව, Anura Kumara Dissanayake මහත්තයා ගරුකමක් තියෙනවා නම් තනතුරෙන් ඉවත් වෙලා පොරොන්දු මතක කරගත්තොත් හොඳයි.”
ජෙප්පන්ට මහා වස් වැදුනා . මේක බුද්ද රාජ්ජේ . තෝපි බේරෙන් නාවලා ගු ගහනවා ගෝල් ෆේස් එකේ තියලා හෙළුවෙන්
ReplyDeleteජාතික අර්බුදකාලවල නායකත්වය මිනිසුන්ගේ ප්‍රසාදය මත නොව, දැඩි පීඩනය යටතේ ගන්නා තීරණ මත මිනිස්සු මතක තබාගන්නා දෙයක් වෙයි. Gotabaya Rajapaksaගේ ජනාධිපති කාලය සිදුවූයේ නවීන ලෝක ඉතිහාසයේ විශාලතම අභියෝගයකි (COVID-19 වසංගතය). මේ අවස්ථාවේ බලවත්ම රටවල් පවා තම ජනතාවගේ ජීවිත සහ ආර්ථිකය රැකගැනීමට සටන් කළහ.
ReplyDeleteආරම්භයේ සිටම, පාලනයේ ප්‍රමුඛතා අතර ජනතාවගේ ආරක්ෂාව ඉදිරියෙන් තබා ගන්නා ලදී. වසංගතය ලොව පුරා වේගයෙන් පැතිර යද්දී, ශ්‍රී ලංකාව වේගවත් සහ තීරණාත්මක ක්‍රියාමාර්ග ගත්තේය. සීමා වසා දැමීම, නිරෝධායන ක්‍රම හඳුන්වා දීම, සහ රට කාලීනව වසා දැමීම වැනි පියවර ගන්නා ලදී. මේවා ආර්ථිකයට බරපතල බලපෑම් ඇති කළද, ඒවායේ මූලික අරමුණ වුණේ මිනිස් ජීවිත ආරක්ෂා කිරීමය.
ලෝකයේ බොහෝ රටවල් සෞඛ්‍ය පද්ධති කඩා වැටෙන තත්ත්වයට පත් වූ අතර, ශ්‍රී ලංකාව මුල් අවස්ථාවේදී තත්ත්වය පාලනයක් යටතේ තබාගැනීමට සමත් විය. සෞඛ්‍ය අංශ, ආරක්ෂක හමුදා සහ රාජ්‍ය යාන්ත්‍රණය එක්ව ක්‍රියා කළ ඒකාබද්ධ ක්‍රමවේදයක් මඟින් මෙය සිදු විය. නිරෝධායන මධ්‍යස්ථාන ඉක්මනින් පිහිටුවා, ආසාදිත පුද්ගලයන්ට ආහාර, වාසස්ථාන සහ ප්‍රතිකාර නොමිලේ සපයන ලදී. සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස, මෙය සමාජ වගකීම පිළිබඳ දැඩි කැපවීමක් ලෙස දැක්විය හැක.
එසේම, වසංගත සමයේදී වැක්සින් ලබා ගැනීමේ වේගවත් ක්‍රියාවලියක් ද සාර්ථක ලෙස ක්‍රියාත්මක විය. ලොව පුරා රටවල් වැක්සින් සඳහා තරඟ කරද්දී, ශ්‍රී ලංකාව විවිධ රටවල් සමඟ සබඳතා භාවිතා කරමින් වැක්සින් ලබා ගැනීමට සමත් විය. මෙය එකම මූලාශ්‍රයකට පමණක් රඳා නොසිට, බහු මාර්ග ක්‍රමයක් හරහා සිදු වූ අතර, එය ජනතාවට ඉක්මනින් එන්නත් ලබා දීමට උපකාරී විය.
ආර්ථික පැත්තෙන්, අභියෝග අතිශය දැඩි විය. සංචාරක කර්මාන්තය,රටේ විදේශ මුදල් ආදායමේ ප්‍රධාන මූලාශ්රයක්එ,ක මොහොතකින්ම වැටී ගියේය. ගෝලීය සැපයුම් ජාල බිඳ වැටුණා, විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන මුදල්ද අස්ථිර විය. මේ සියල්ල මැද, රජය දුර්වල පවුල්වලට මුදල් සහනාධාර ලබාදීම සහ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම වැනි පියවර ගත්තේය. මේවා වියදම් සහිත වුවද, සමාජ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා කළ උත්සාහයක් ලෙස සැලකිය හැක.
සමහර තීරණ, ආනයන සීමා කිරීම සහ ස්වයංපෝෂිත වීමට උත්සාහ කිරීම කාබනික පොහොර වැනි විවේචනයට ලක් වුවද, ඒවා සීමිත විදේශ මුදල් සංචිත කළමනාකරණය කිරීමේ උත්සාහ ලෙසද බලන්න පුළුවන්. විදේශ මුදල් ආදායම බරපතල ලෙස අඩු වූ අවස්ථාවක, එවැනි තීරණ අත්‍යවශ්‍ය වූ බව අද තත්වය පෙන්වා දෙයි.
ඊට අමතරව, ගෝලීය පසුබිමද සැලකිල්ලට ගත යුතුය. COVID-19 වසංගතය ලොව පුරා ආර්ථික මන්දගාමී තත්ත්වයක් ඇති කළ අතර, පසුව ඇති වූ Russian invasion of Ukraine හේතුවෙන් ඉන්ධන සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ ගියේය. මේවා ශ්‍රී ලංකාව වැනි ණය බරින් යුත් රටකට තවත් බරක් එකතු කළහ.
අර්බුදකාල නායකත්වය සෑම විටම විවේචනයට ලක්වෙයි. තීරණ සෑම විටම පරිපූර්ණ ප්‍රතිඵල ලබා නොදෙයි. නමුත් මෙම දෘෂ්ටිකෝණයෙන් බැලූ විට, ඒ කාලයේ ගත් පියවර මූලික වශයෙන් මිනිස් ජීවිත රැකගැනීම, සමාජ ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ අසම්භාවිත ගෝලීය අභියෝගයකට මුහුණ දීම සඳහා ගත් උත්සාහයක් ලෙස දැක්විය හැක.
අවසානයේ, මෙම කාලය අපට මතක් කරන්නේ අර්බුදකාලයේ පාලනය සරල දෙයක් නොවන බවයි. එය තීරණාත්මක තේරීම්, අභියෝග, සහ අවදානම් අතර සමබරතාවයක් තබා ගැනීමක් වේ. කෙනෙකු ඒ තීරණ සමඟ එකඟ වුවත් නැතත්, එම කාලය තේරුම් ගැනීමට හා ගෝටා කෙතරම් දුර දර්ශි අවංක දක්ෂ නායකයෙක්ද යන්න අද පැහැදිලියි .
මේසෙට ගහල ඩඩ්ලිටයි, රත්නටයි හාල් මිල වැඩි කරල දුන්නවගේ මේසෙට ගහල සමාගම් වලට ඉන්ධන මිලත් වැඩිකරල දෙයිද දන්නෙ නෑ.
ReplyDelete