තෙල් තියෙනවා.. විදුලිය කපන්නෑ..


ඩීසල් මිල සංශෝධනය හේතුවෙන් විදුලි උත්පාදනයට බාධා එල්ල විය හැකි බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය
, දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුකිරීමේ කිසිදු සූදානමක් නොමැති බව අවධාරණය කරයි.

ඉන්ධන මිල ඉහළ යාම විදුලි සැපයුමට බලපානු ඇතැයි මහජනතාව තුළ පවතින සැකය දුරු කරමින් අමාත්‍යාංශ නිලධාරීන් ප්‍රකාශ කර සිටියේ, අඛණ්ඩව විදුලිය උත්පාදනය කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන තොග මේ වන විට සතුව පවතින බවයි.

ඒ අනුව වත්මන් තත්ත්වය තුළ විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව ද ඔවුහු පවසති.

තාප විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ඩීසල් සහ දැවි තෙල් තොග ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් අඛණ්ඩව ලබාදෙන බවද බලධාරීහු සහතික වෙති.

මේ පිළිබඳව අදහස් දැක්වූ ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ විකල්ප බලශක්ති ප්‍රභවයන් හරහා ජාතික පද්ධතියට ලැබෙන දායකත්වය හේතුවෙන් විදුලි සැපයුම ස්ථාවර මට්ටමක පවතින බවයි.

කෙසේ වෙතත්, ඉදිරියේදී පවතින වියළි කාලගුණික තත්ත්වය තවදුරටත් පැවතුණහොත් සහ ජල පෝෂක ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනය අඩුවුවහොත් ජල විදුලි උත්පාදනයට යම් බලපෑමක් එල්ල විය හැකි බවට ද එම නිලධාරියා අනතුරු ඇඟවීය.

4 Comments

  1. horata kalin kehel kana wata paninawa wageda danna.jepi anduwa kiyana eke nemeine karanna giyama wenne.eye pereda hondatama dakkane eka.april aurudu kanakan thel thiyenawa kiyapu un.thel milath wadi karala QR ekata thel gahanna kiuwa eke kohoma viswasa karannada .kata ariyoth pacha vidinawane.current kapanna epa kiyala thama apith prthana karanne.habai ithin jepponge katha vishwasanama karanne na..ekata sorry wenna one.viswase kada karala iwarai..

    ReplyDelete
  2. නෑ කිවුවොත් ඉතින්, ඔව්ම තමය්

    ReplyDelete
  3. අර එකෙක් බලන්නෙ එක පැත්තක් පෙනෙන්නෙ තව පැත්තක් වගේ මෙයාල කියන එකේ අනික් පැත්ත තමයි බලාපොරොත්තු විය යුත්තෙ

    ReplyDelete
  4. කොච්චර කැගැහැව්වත් නොරොච්චොලෙ නැති උනොත් හුට පටාස් තමයි. එහෙම උනත් එක අතකට හොදයි. මෙක හදනකන් කොච්චර අකුල් හෙලුවාද දැන් ආණ්ඩුවෙ ඉන්න අය...

    අනික් දේ තමයි මෙයාල ඉන්ධන තියෙනවා කිව්වොත් නැ.., Qර්‍ දාන්න ඔනි නැ දැම්මා. මිල වැඩි කරන්න මෙ මාසෙදි ඔනි නැ කිව්වා, මිල වැඩි කලා. තව.. එතකොට...

    ReplyDelete
Previous Post Next Post