මෑතකදී ආනයනය කරන ලද ගල්අඟුරු භාවිතය හේතුවෙන් නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ යන්ත්‍රෝපකරණවලට කිසිදු හානියක් සිදුවී නොමැති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPE) සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා ප්‍රකාශ කළේය.
ලක්විජය බලාගාරයේ මෑතකදී සිදුකළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා අවධාරණය කළේ බලාගාරයේ මෙහෙයුම් කටයුතු නිසි පරිදි සිදුවන බවයි. විදුලි උත්පාදනයේ සුළු අඩුවීමක් පැවතියද, එය රටේ වත්මන් බලශක්ති අවශ්‍යතාවයට බාධාවක් නොවන බවත්, ඉදිරි අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් ගල්අඟුරු තොග බලාගාරය සතු බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම නිරීක්ෂණ චාරිකාවේදී ගල්අඟුරු ගොඩබෑමේ සිට විදුලිය උත්පාදනය දක්වා වූ සමස්ත ක්‍රියාවලියම කෝප් කමිටුවේ දැඩි පරීක්ෂාවට ලක්විය.
විශේෂයෙන්ම ගල්අඟුරු ගබඩා කිරීම, සාම්පල ලබාගැනීම, පරීක්ෂා කිරීම සහ ප්‍රධාන පාලන මැදිරියේ මෙහෙයුම් කටයුතු පිළිබඳව කමිටුවේ අවධානය යොමු විය.
ආනයනය කරනු ලබන ගල්අඟුරු වල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා මෙරට තුළ ස්වාධීන, පිළිගත් (Accredited) රසායනාගාරයක් ස්ථාපිත කිරීමේ වැදගත්කම කමිටුව පෙන්වා දුන්නේය.
සාම්පල ලබාගැනීමේ සහ බෙදාහැරීමේ ක්‍රියාවලියේ පවතින ගැටලු නිරාකරණය කරමින්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව බලාගාර අභ්‍යන්තර රසායනාගාරයේ ක්‍රමවේදයන් යාවත්කාලීන කළ යුතු බව සභාපතිවරයා අවධාරණය කළේය.
සමරවීර මහතා ප්‍රකාශ කළේ, ආනයනික ගල්අඟුරු වල ගුණාත්මකභාවය බලාගාරයේ උපරිම ධාරිතාව සඳහා අවශ්‍ය මට්ටමේ නොමැති වීම හේතුවෙන් විදුලි උත්පාදනයේ යම් අඩුවීමක් දක්නට ලැබෙන බවයි.
මෙම තත්ත්වය හිතාමතා ඇති කරන ලද්දක් ද යන්න පිළිබඳව ඉදිරි විගණන වාර්තා සහ මෙම ක්ෂේත්‍ර චාරිකාවේ දත්ත ඔස්සේ පුළුල් විමර්ශනයක් සිදුකිරීමට කෝප් කමිටුව අපේක්ෂා කරයි. එම විමර්ශන අවසන් වන තෙක් විවිධ කටකතා වලට නොරුවටෙන ලෙස සභාපතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මගේ මතය අනුව, COPE සභාපති ලෙස නිරීකසණ චාරිකාවකට ගියේ නම් යා යුතුව තිබුණේ අනෙකුත් සාමාජිකයින් දැනුවත් කර ඔවුනුත් සමගයි..එසේ නොවී නම් එය හුදෙක් දේශපාලන ගමනක් මිස නිරීක්ෂණ චාරිකාවක් විය නොහැකියි.
ReplyDeleteCope එකත් විහිලු වක් කරගත්තා ද
ReplyDeleteරටම විහිලුවක් කර ගත්තු එකේ, ඒක විතරක් නිකන් තියෙන එක හරි නෑනෙ.
Deleteඩෝබිලාගේ ප්‍රධානියා. බාල ගල් අඟුරුවල සුදු හුණු ගෑමට ගිය බව පේනවා. ගතමන්ට් එකක් බලාපොරොත්තුවෙන් ද? මාලිමාව හොඳ සුද්දෙකට ලෑස්ති වෙනවා. කෝප් එකට පඹයෙක්. අල්ලස් එකට පක්ෂෙ වැඩ කරපු නීතිඥයා. සීඅයිඩී එකට පැලවත්තෙ ප්රචාරක රැස්වීමට සහභාගී වෙච්ච කෙනා. විගණනයට ඉඳලා ඉඳලා දැම්මා, විනය නීති කඩලා දඩ කාපු කෙනෙක්. කට්ටිය එකතු වෙලා හොඳ කෑමක් කන්න වගේ.
ReplyDeleteදැනටමත් කාලා ඉවරයි. අමුතුවෙන් කන්න දෙයක් නැහැ.
Deleteකෝටි 1800ක් ගල් අඟුරු වලින් විතරක්. අනිත් ඒවා ගැන කවර කතා ද..
Dosthara engineer wenna yanawane.
ReplyDelete