ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සලකා බැලීමෙන් අනතුරුව, 2026 වසරේ අප්‍රේල් සිට ජූනි දක්වා කාලසීමාවට අදාළ විදුලි මිල ගණන් වෙනස් කිරීම සම්බන්ධයෙන් වූ අවසන් නිවේදනය මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අද නිකුත් කරනු ඇත.
මේ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා අද පස්වරු 2.00 ට විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබේ.
මෙම නව ගාස්තු සංශෝධනයන් 2026 අප්‍රේල් 01 දින සිට ජූනි 30 දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය.
ඒ අනුව, විදුලි පාරිභෝගිකයන් හට බලපාන අවසන් තීරණය අද පස්වරුවේදී නිල වශයෙන් අනාවරණය වනු ඇත.
දෙවන කාර්තුව සඳහා විදුලි බිල 13.56% කින් වැඩි කරන ලෙස විදුලිබල මණ්ඩලය විසින් මීට පෙර ඉල්ලීමක් කර තිබුණි.
පෙබරවාරි 13 වන දින ඉදිරිපත් කරන ලද මෙම ඉල්ලීමට මූලික වී ඇත්තේ අදාළ මාස තුනක කාලය තුළ විදුලිබල මණ්ඩලය මුහුණ දීමට සිදුවනු ඇතැයි ගණන් බලා ඇති රුපියල් බිලියන 15.8 ක ආදායම් හිඟයයි.
ඇස්තමේන්තුගත සම්පූර්ණ පිරිවැය රුපියල් බිලියන 136.5ක් වන අතර පවතින ගාස්තු යටතේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 116.9කි. ඒ් අනුව මුළු මූල්‍ය පරතරය රුපියල් බිලියන 15.8කි.
අප්‍රේල් 01 දින සිට ජුනි 30 දක්වා ක්‍රියාත්මක වන පරිදි මෙම ගාස්තු සංශෝධනය සිදු කිරීමට අවසර ඉල්ලා ඇති අතර, පවතින ආදායම් පරතරය පියවා ගැනීම මෙහි ප්‍රධාන අරමුණ බව විදුලිබල මණ්ඩලය අවධාරණය කරයි.

දැන් සැපද මාලිමාවට කඩේ යන එවුන්ට
ReplyDeleteඇමතිලාට පෙට්‍රල් ලීටර් 800ක් . අමතර 80,000ක් .
ReplyDeleteහොද වෙලාවට මූ ජනාධිපති උනේ. නැත්නම් කියයි හොරාකන එක නැති උනාම විදුලිය 30%කින් අඩු කරන්න පුලුවන් විදිය.
ReplyDelete