ඊශ‍්‍රායල මිසයිල ආරක්‍ෂන පද්ධති අඩාලයි.. ඉරාන මිසයිල ඉලක්ක කරා..


ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලයේ රේඩාර් සහ සතුරු හඳුනාගැනීමේ පද්ධති දැඩි ලෙස අඩාල වී ඇති බව වාර්තා වේ
.

මේ හේතුවෙන් ඉරානයේ සිට දියත් කෙරෙන මිසයිල ප්‍රහාර හඳුනාගැනීමට ඊශ්‍රායල ආරක්ෂක අංශවලට ඇති හැකියාව බරපතල ලෙස සීමා වී ඇති බව තස්නිම් පුවත් සේවය පවසයි.

එම පුවත් සේවය සඳහන් කරන්නේ, ඉරාන මිසයිල සහ ඩ්‍රෝන යානා දියත් කෙරෙන නිවැරදි වේලාවන් හඳුනාගැනීමට ඊශ්‍රායලයට නොහැකි වීම හේතුවෙන් එරට පුරා පවතින අනතුරු ඇඟවීමේ පද්ධති දැඩි ව්‍යාකූලත්වයකට පත්ව ඇති බවයි.

අද දිනයේ සිට ඉරානය විසින් දියත් කරන ලද මිසයිල කිහිපයක් කිසිදු පූර්ව අනතුරු ඇඟවීමකින් හෝ සූදානමකින් තොරව ඊශ්‍රායලයේ ඉලක්ක වෙත සාර්ථකව පතිත වී ඇත. මෙහිදී ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධතිවලින් සැලකිය යුතු ප්‍රතිචාරයක් එල්ල වී නොමැති බව ද වාර්තා වේ.

ඇතැම් අවස්ථාවලදී ඉරානයෙන් කිසිදු මිසයිල ප්‍රහාරයක් දියත් නොවුණද, ඊශ්‍රායලය තුළ අනතුරු ඇඟවීමේ සංඥා නාද වන බව හෙළි වී තිබේ.

මිසයිල ප්‍රහාරයක් එල්ල වන බවට සංඥා නිකුත් නොවන විටෙක වුවද ප්‍රහාරයක් එල්ල විය හැකි බවත්, සංඥා නිකුත් වන විටෙක ප්‍රහාරයක් එල්ල නොවීමට ඉඩ ඇති බවත් පැවසේ. මෙම තත්ත්වය ඊශ්‍රායල ආරක්ෂක අංශ තුළ දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය කර ඇත.


4 Comments

  1. නෙතින්දයානු කියන ආත්මාර්ථකාමියා ඊශ්‍රායලය විනාශම කරලා දැම්මා.
    ඌට ඡන්දයක් එනකොටම යුද්ධයක් පටන් ගන්නවා.
    එක යුද්ධෙකින් 50000ක් විතර මරනවා.
    ඇමරිකාවත් උගේ ලණු ගිල ගිල වලටම යනවා.

    ReplyDelete
  2. හුන්ඩුරටේ ත්‍රිකුණාමලේ ඔන්න ලොකු ටැංකි තියෙනවනේ ගබඩා කරන්න ,10,000MT 99 NOS

    ReplyDelete
  3. අන්න තිස්ස තිත්තනායක අප්පුහාමි ආණ්ඩුව වැටෙනවා කියල අනාවැකියක් කියල.
    මෙහෙ ඉන්න පඩංගු කාරයොත් කැමති දැන් වටෙනවනන්.
    ඉවසං ඉඳපන් පුතේ, මෙදා පාර නං වැටෙනවා වැටෙනවා මයි......

    තොපේ බෙල්ලට තොණ්ඩු.

    විමල් වීරවංස පනික්කලේ සහ උදේට ගම්මන්පිල රෑට පිල්ලෙයාන් මහත්තුරු පාස්කුව අටවන්න සැලසුම් සකස් කල බව එලි වෙමින් පවතී. ඒ නිසා මේ පඩංගු කාරයා කුලප්පු වී පිට රට යුද්දය වවාගෙන කමින් සිටී. හැබැයි ඌ නොදන්නා කරුණ නම්, ඉරාන නව අධ්‍යාත්මික නායකයාද උන්ගේ මහ උන් වගේම මේ වන විට සෙත්ත පෝච්චි වී ඇති බවයි.

    ReplyDelete
  4. ලෝකයම එකතු වෙලා ඇමරිකාවට ගහලා ඉවර කරා නම් ලෝකයටම සාමය ලැබෙනවා.

    ReplyDelete
Previous Post Next Post