තෙල් මිල පසුපස උද්දමනය, බැංකු පොලියත් ඉහලට.. ආර්ථිකය හැකිලෙයි..

 


මැදපෙරදිග කලාපයේ මාසයකට ආසන්න කාලයක් තිස්සේ පවතින යුද ගැටුම් හේතුවෙන්, 2022 වසරේ පැවති ආර්ථික අර්බුදයෙන් පසු මෙරට ආර්ථිකය යළිත් වරක් හැකිළීමකට ලක්වීමේ දැඩි අවදානමක් මතුව ඇතැයි ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති.

විශේෂයෙන්ම අවස්ථා දෙකකදී සිදු වූ ඉන්ධන මිලෙහි දැවැන්ත ඉහළ යාම සහ ඒ හරහා නිර්මාණය වී ඇති උද්ධමනකාරී තත්ත්වය මීට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සන්නිවේදන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂිකා ජුලි කොසැක් ද පෙන්වා දෙන්නේ, මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව සැලකිය යුතු අවදානමකට නිරාවරණය වී ඇති බවයි.

මෙහිදී වෙළෙඳාම, විදේශ විනිමය, පේෂණ සහ සංචාරක යන අංශ කෙරෙහි එල්ල වන බලපෑම මෙරට ආර්ථික ඉදිරි දැක්මට සෘජුවම බලපානු ඇතැයි ඇය සඳහන් කළාය.

2022 ආර්ථික අර්බුදයෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහන යටතේ මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් තිබියදී මෙම ගෝලීය අර්බුදය මතු වීම තත්ත්වය වඩාත් දරුණු කර තිබේ.

වයඹ විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ දෙපාර්තමේන්තුවේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා සඳහන් කළේ, ගෝලීය අර්බුදය රජයේ පාලනයෙන් බැහැර වුවද, පවතින තත්ත්වය නිසි ලෙස කළමනාකරණය කිරීමට රජය අපොහොසත් වී ඇති බවයි.

රජය සතුව තවමත් මේ සඳහා නිසි සූදානමක් නොමැති බව පෙනී යන අතර, පෙට්‍රල් ලීටරයකින් රුපියල් 120ක බද්දක් අය කිරීම සහ කලින් ආනයනය කළ තෙල් තොග සඳහා ද ඉහළ මිලක් අය කිරීම ජනතාවට විශාල ගැටලුවක් වී ඇතැයි ඔහු පෙන්වා දෙයි.

ඉන්ධන මිල ඉහළ යාම සියලුම ක්ෂේත්‍ර කෙරෙහි බලපාන අතර, බලශක්ති පිරිවැය ඉහළ යාම හරහා උද්ධමනය දරුණු ලෙස ඉහළ යා හැකි බව මහාචාර්යවරයා පවසයි. රජය සහ මූල්‍ය අරමුදල උද්ධමනය 5%ක මට්ටමක පවත්වා ගැනීමට උත්සාහ කළ ද, ඉදිරියේදී එය එම සීමාව ඉක්මවා යනු ඇති බව ඔහු අනාවැකි පළ කරයි.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා මහ බැංකුව පොලී අනුපාත ඉහළ නැංවීමට පියවර ගැනීමේ හැකියාවක් පවතින බව ද මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් ලබන මාර්තු 26 වැනිදා මෙරටට පැමිණීමට නියමිතව ඇත

3 Comments

  1. එක අතකට මුන්ගේ උද්ධච්ච, අහංකාර කමට ඔහොම වෙන්න ඕන.

    ReplyDelete
  2. හුණ්ඩුපතිට හූම් නෑ

    ReplyDelete
Previous Post Next Post