හැටන් ප්‍ර දේශයේ ප්‍රධාන පාසලක පන්ති කාමරයක් තුලදී පාසල් සිසුන් පිරිසක් තවත් සිසුවෙකුට පහර දිමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිසුන් තිදෙනෙකු සැක පිට (28) දින අත්අඩංගුවට ගත් බව හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්.අර්.ඒ.ඩි. සුගතදස මහතා පැවසීය.
මිට සති තුනකට පමණ ප්‍රථම එම පාසලේ 10 වන වසරේ අධ්‍යාපනය ලබන සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී ඇති බවත්, එම ගැටුමට පාසලේ ආදි ශිෂ්‍යෙයකුද සම්බන්ධ වී ඇති බවයි මූලස්ථෘන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා කියා සිටියේ.
එම සිද්ධිය පාසලේදි සමතයකට පත් විමේන් පසුව එම පහර දීමේ සිද්ධිය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විමෙන් පසු පහර කැමට ලක් වූයේ යැයි කියන සිසුවිගේ මව විසින් (28) දින පස්වරුවේ හැටන් පොලිසියට පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇත.
එම පැමිණිල්ල සම්බන්ධෆයන් විමර්ෂණ ආරම්භ කල හැටන් පොලිසියේ නිළධාරින් පහර දුන්නේ යැයි කියන සිසුන් දෙදෙනෙකු සහ ආදි සිසුවෙකු සැක පිට අත්අඩංගුවට ගෙනඅ ඇති අතර, පහර කෑමට ලක් වුයේ යැයි කියන සිසුවා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇත.
අත්අඩංගුවට ගත් පාසල් සිසුන් දෙදෙනා සහ අදි සිසුවා (29) දින හැටන් මහේස්ත්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කර මහේස්ත්‍රාත්වරයා හරහා සැකකාර සිසුන් දෙදෙනා සහ ආදි සිසුවා ඔවුන්ගේ දෙමව්පියන් වෙත භාර දිමට පියවර ගන්නා බවයි මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා කියා සිටියේ.
රංජිත් රාජපක්ෂ
