කොළඹ කොටස් අද දැවැන්ත කඩාවැටීමක...

 


සඳුදා දින ගනුදෙනු අවසානයේ කොළඹ කොටස් වෙළඳපොළේ ප්‍රධාන දර්ශකයන්හි සැලකිය යුතු පහත වැටීමක් වාර්තා විය. දිනය ආරම්භයේ සිටම දර්ශකයන් රතු පැහැයෙන් සටහන් වූ අතර, වෙළඳපොළ වසා දමන විට ප්‍රධාන දර්ශක දෙකම 3% ඉක්මවූ පසුබෑමක් පෙන්නුම් කළේය.

සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද දිනය තුළ ඒකක 797.77 කින් පහත වැටී ඒකක 21,904.14 ක් ලෙස සටහන් විය. මෙය පෙර දිනට සාපේක්ෂව 3.51% ක ප්‍රතිශතාත්මක පහත වැටීමකි.

එසේම, වඩාත් සක්‍රීය සමාගම් නියෝජනය කරන S&P SL20 දර්ශකය ද ඒකක 231.89 කින් (3.65% කින්) පහත වැටී ඒකක 6,128.86 ක් දක්වා පහළ බැස තිබේ.

මිල දර්ශක පහත වැටුණද, වෙළඳපොළ තුළ සැලකිය යුතු ගනුදෙනු ප්‍රමාණයක් අද දින සිදුවී ඇත.

රුපියල් බිලියන 5.8 ඉක්මවූ (රු. 5,817,211,417.95) පිරිවැටුමක් වාර්තා විය. දවස පුරා ගනුදෙනු 55,598 ක් සිදුවී ඇත. හුවමාරු වූ මුළු කොටස් ප්‍රමාණය 197,825,747 කි.

අද පෙවරු 09:30 ට වෙළඳපොළ ආරම්භ වූ අවස්ථාවේ සිටම දර්ශකයන් වේගයෙන් පහත වැටුණු ආකාරයත්, පස්වරු 02:30 වන විට වෙළඳපොළ වසා දමන තෙක්ම එම තත්ත්වය නොවෙනස්ව පැවති ආකාරයත් දත්ත සටහන් මගින් පැහැදිලි වේ.



Previous Post Next Post