හොරණ, කුළුපන ප්‍රදේශයේදී සිදු වූ දරුණු රිය අනතුරක් හේතුවෙන් මදුරාවල ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරියකගේ සැමියා ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙම සිදුවීමෙන් බරපතළ තුවාල ලැබූ මන්ත්‍රීවරිය මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.
මන්ත්‍රීවරිය සහ ඇයගේ සැමියා ගමන් කළ ත්‍රිරෝද රථය, ඇඟලුම් සේවිකාවන් රැගත් බස් රථයක මුහුණට මුහුණ ලා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අඟුරුවාතොට, දොඹගොඩ පදිංචිව සිටි 42 හැවිරිදි එම්. චන්දික ප්‍රියරත්න මහතායි. ඔහු දොඹගොඩ යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ සැරයන්වරයෙකි.
ජාතික ජන බලවේගයේ මදුරාවල ප්‍රාදේශීය සභා මන්ත්‍රිනි ඩබ්ලිව්. ටී. ඩී. කුෂානි සංජුකා මහත්මියයි.
අනතුර සිදු වූ වහාම දෙදෙනාම හොරණ මූලික රෝහල වෙත රැගෙන ගියද, එහිදී යුද හමුදා සැරයන්වරයා මියගොස් තිබේ.
අනතුරුව තත්ත්වය බරපතළ වූ මන්ත්‍රීවරිය වැඩිදුර වෛද්‍ය පහසුකම් සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇති බව හොරණ පොලිසිය සඳහන් කරයි.

මගේ ශෝකය පළකරමි. තුවාල ලැබූ මහත්මිය ඉක්මනින් සුවය ලබත්වා!
ReplyDelete(සාමාන්‍ය පරිදි නිවන් සුව ලැබේවා කියන්න බෑ, ආගමක් දහමක් නැති ජෙප්පන්ට. ඔවුන් එය අපහාසයක් ලෙස සලකයි.)
මන්ත්‍රී, මන්ත්‍රිනී කියන එක පාර්ලිමේන්තු සාමාජිකයන්ට පමණක් සීමා කරමුද? අනික් අයට වෙනත් සුදුසු වචනයක් යොදා ගෙන.
Ow aeke aththak thiyanava. Ethakota 'පාර්ලිමේන්තු' kivvama Deva Kopaya munta vadinne nathi nisa.
Deleteවස් වැදියන්
ReplyDeleteඇඹරිලා හැඳි ගැවිල පල
ReplyDeleteඔන්න නිවන් සුව පතපු ඒවයෙ විපාක. තව ඉස්සරහට ලොකු එවුන්ටත් ඕකම තමයි
ReplyDelete