ඉරාන යුද්දය නිසා ලංකාවේ තේ වලට මොකද කරන්නේ..- වැවිලි ඇමතිට ප‍්‍රශ්ණයක්..

 


මැදපෙරදිග කලාපයේ මේ වන විට ඇති වී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් තේ කර්මාන්තයට එල්ල වී ඇති සහ ඉදිරියේදී එල්ල විය හැකි බලපෑම් පිළිබඳව සාකච්ඡාවක් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේදි සිදු කරන ලදි.

මෙහිදි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා විසින් සඳහන් කලේ "ඇතිවි තිබෙන තත්ත්වයත් සමග මූල්‍ය සහන ලබාදීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සහ කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීමට නියමිත අතර, ඕනෑම හදිසි තත්ත්වයකදී තේ කර්මාන්තයට සම්බන්ද සියලු පාර්ශව ආරක්ෂා කිරීමට රජය කැපවී සිටින බවත්ය". 

මෙහිදි තේ නිෂ්පාදනය අඩු නොකිරීමටත්, අලෙවි කරගත නොහැකි වන තේ තොග ගබඩා කර තබා පසුව වෙළඳපොළට නිකුත් කිරීමටත් මෙහිදී යෝජනා විය.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රදානත්වයෙන්, අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, ශ්‍රී ලංකා තේ මණ්ඩලය, තේ පර්යේෂණ ආයතනය සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය යන ආයතනවල සභාපතිවරුන් සහ නිලධාරීන්, තේ අපනයනකරුවන්, තේ කර්මාන්තශාලා හිමියන්, මධ්‍යම පරිමාණ වැවිලිකරුවන් සහ කුඩා තේ වතු හිමියන් නියෝජනය කරන කණ්ඩායම් වල සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව සිදු කරන ලදි.


1 Comments

  1. මුලු ලෝකයම එකමුතු වී ඇමරිකාවෙ ආයුද සියල්ල විනාශ කොට දමා ඇමරිකාව නිරායුධ කරන තුරු ලෝකයට සාමය උදා නොවනු ඇති. දැන් එයට කාලයයි.

    ReplyDelete
Previous Post Next Post