පරිසර අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වේ.
දිඹුලාගල කොස්ගහ උල්පත රක්ෂිතයේ සිදුව ඇතැයි කියන වන සංහාරය සම්බන්ධවයි
දිඹුලාගල කොස්ගහ උල්පත රක්ෂිතයේ දැවැන්ත වන සංහාරයක් සිදු වන බවට පසුගිය දින කිහිපය තුල පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පරිසර අමාත්‍යංශයේ උපදෙස් පරිදි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විර්ශනයක් සිදු කරන ලදී.
පසුගිය දින කිහිපයේ පළ වූ එම වාර්තාවල දැක්වූයේ, දිඹුලාගල කොස්ගහ උල්පත රක්ෂිතමාර්ගයේ දෙපස පලු, වීර, මිල්ල, මාදං ඇතුළු වටිනා ශාක වර්ග විනාශ කර ඇති අතර දැව ජාවාරම්කරුවන් පිරිසක් විසින් සිදු කරන මෙම වන සංහාරය පිටුපස සංවිධානාත්මක කණ්ඩායමක් සිටින බවත් දිවා රාත්‍රී මෙම දැව ජාවාරම සිදු කරගෙන යන බවත්ය.
අදාළ වාර්තා පිළිබදව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂණ හා නීති ක්‍රියාත්මක කිරීමේ අංශයේ උපදෙස් පරිදි පොළොන්නරුව දිසා වන නිලධාරි එල්. ඒ. එල්. ධම්මික තිස්ස මහතා ඇතුළු පිරිසක් විසින් විමර්ශනයක් සිදු කර ඇති අතර කරුණු කිහිපයක් එහිදී අනාවරණය වී ඇත.
ඒ අනුව, පසුගිය කාලයේ පැවති දිට්වා සුලි කුණාටුව හේතුවෙන් කොස්ගහ උල්පත ආරණ්‍ය සේනාසනයට පිවිසෙන මාර්ගයට කෝන්, මාදං, මිල්ල වැනි ගස් වග වලට අයත් ගස් වල අතු කඩා වැටී ඇති අතර, අවහිර වූ පිවිසුම් මාර්ගය පිරිසිදු කිරීම සඳහා එම ආරණ්‍ය සේනාසනයේ ස්වාමීන් වහන්සේගේ උපදෙස් මත පුද්ගලයෙකු විසින් අතු කපා දමා ඇති බවත් එම දර සහ අතු මේ වන තෙක් වෙනත් ස්ථානයකට රැගෙන ගොස් නොමැති අතර එක් ස්ථානයක ගොඩ ගසා ඇති බව විමර්ශනය සිදු කළ පොළොන්නරුව දිසා වන සංරක්ෂණ නිළධාරීන්ට අනාවරණය වී ඇත.
එසේම එම කපා ඇති දර අතු කඩා වැටුණු ඒවා බවට නිරීක්ෂණය වී ඇති අතර එම දර ප්‍රමාණය ඝන මීටර් 05 ක් පමණ වන බවත් එය රාජ්‍ය දැව සංස්ථාවට භාරදීමට කටයුතු කර ඇති බවත් ව්මර්ශනය සිදු ක පොළොන්නරුව දිසා වන නිළධාරි එල්. ඒ. එල්. ධම්මික තිස්ස මහතා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂණ හා නීති ක්‍රියාත්මක කිරීමේ අංශය වෙත යොමු කළ විමර්ශන වාර්තාවේ සදහන් වේ.
තවද මෙම ආරණ්‍ය සේනාසනය අයත් වන ඉඩමේ අයිතිය පිළිබඳව රජයේ ආයතන සහ දිඹුලාගල ආරණ්‍ය සේනාසනය අතර ගැටළු සහගත තත්වයක් උද්ගත වී තිබේ. එමෙන්ම එම රජයේ රක්ෂිතයේ හිමිකම සඳහා මහවැලි අධිකාරිය හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අතර යම් ගැටලුකාරී තත්වයක් ඇති අතර නාගරික සංවර්ධන අධිකාරිය මගින්ද කොටසක් ගැසට් කර ඇත.
එම හේතුව මත ඒ සම්බන්ධව රජයේ ආයතන අතර සාකච්ඡාවක් පවතින බැවින් මෙම වනාන්තරය ගැසට් කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති නමුත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මායිම් කණු යොදා රක්ෂිතය ආරක්ෂා කිරීමට කටයුතු යොදා ඇති බව ද පොළොන්නරුව දිසා වන නිලධාරි එල්. ඒ. එල්. ධම්මික තිස්ස මහතා විමර්ශන වාර්තාවෙන් තහවුරු කර තිබේ. නව රජයේ ප්‍රතිපත්ති අනුව පරිසර සංරක්ෂණ ක්‍රියාවලියට තර්ජනයක් වී ඇති තත්වයන් හදුනාගනිමින් ඒ සදහා විසඳුම් ක්‍රියාවලිය කඩිනම් කිරීමට පියවර ගනු ලබයි.

ඔව් නව රජයේ ප්‍රතිපත්තිය අනුව මෙම ආරන්ය සේනාසනය ඉවත් කරමු.
ReplyDeleteඅම්මට සිරි වෙනවා මුන් දිඹුලාගලටත් වැඩේ දෙනවා.
ReplyDeleteආරණ්යවාසී වනගත භික්ෂුන් වහන්සේලාට අවශ්ය සමාජයෙන් හැකි තරම් ඈත්වෙලා උන් වහන්සෙලාගේ බණ භාවනා නිස්කලංකේ කරගෙන යන්නයි. වර්තමාන ආණ්ඩුව ගස් කපලා, වනය එලිකරලා සිදුකරන්නේ ආරණ්යවාසී භික්ෂූන්ට යනෙනමං නැති කරලා බුද්ධාගම විනාශ කිරීමටයි.
ReplyDeletewho requested a road to ARANYA,
Deleteආරණ්යවාසී වනගත භික්ෂුන් වහන්සේලාට අවශ්ය සමාජයෙන් හැකි තරම් ඈත්වෙලා උන් වහන්සෙලාගේ බණ භාවනා නිස්කලංකේ කරගෙන යන්නයි. වර්තමාන ආණ්ඩුව ගස් කපලා, වනය එලිකරලා සිදුකරන්නේ ආරණ්යවාසී භික්ෂූන්ට යනෙනමං නැති කරලා බුද්ධාගම විනාශ කිරීමටයි.
ReplyDeleteදේවානී ජයතිලකල, භාග්‍යාල නිදිවැදිලද?
ReplyDelete