දේශපාලන ව්‍යාපෘතියක් ප්‍රාථමික සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමේ අවධානමක්...

 


රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

ආරෝග්‍යා දේශපාලන ව්‍යාපෘතිය නිසා ශ්‍රී ලාංකීය ප්‍රාථමික සෞඛ්‍ය පද්ධතිය බි වැටීමේ අවධානමක්.

ශ්‍රී ලංකාව තුල අන්තර්ජාතිකව ඇග‍යීමට ලක් වූ ශක්තිමත් සෞඛ්‍ය සේවාවක් පවත්නා බව රටේ ජනතාව මෙන්ම ජාත්‍යන්තරය ද හොන් දන්නා කාරණාවකි. කණගාටුවට කරුණවන්නේ පවතින රජය මෙම සෞඛ්‍ය සේවාවේ ඇති සත්‍ය ගැටලු හදුනා ගැනීමට අපොහොසත් වී තිබිමයි.

සත්‍ය ගැටලු හුනාගෙන ඒවාට විසුම් ලබා දීම වෙනුවට පවතින රජය සහ සෞඛ්‍ය අමාත්‍යංශය සිදු කරමින් සිටින්නේ මහජන බදු මුදල් භාවිතා කරමින් ගට ඉණි කපනවා වැනි ප්‍රතිඵල රහිත අසාර්ථක ව්‍යාපෘති සිදු කිරීමයි. ඊට හොම උදාහරණය ආරෝග්‍යා ව්‍යාපෘතියයි.

රෝග නිවාරණය සහ පාලනය යන අංශ ද්විත්වයම අයත් වන පරිදි දිවයිනේ සෑම ගමක්ම ඉතා හොින් ආවරණය වන පරිදි සැකසුණු ශක්තිමත් ප්‍රජා සෞඛ්‍ය සේවා ඒකක (සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල) සහ ග්‍රාමිය රෝහල්/ ප්‍රාථමික සත්කාර ඒකක වලින් යුතු ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සේවා පද්ධතියක් ශ්‍රී ලංකාව තුල පවති.

එම නිසා ශ්‍රී ලාංකීය සෞඛ්‍ය සේවාව තුල දැනට පවතින ගැටලුව වී ඇත්තේ සෞඛ්‍ය සේවා සැපයීම් පද්ධතියේ ගැටලු නොවේ. ගැටලු ලෙස ඇත්තේ වෛද්‍යවරුන් ප්‍රධාන මානව සම්පත් හි, ඖෂධ හා උපකරණ හිය සහ රෝගී සත්කාර සේවා සදහා අවශ්‍ය වන යටිතල පහසුකම් හිය ආදි කරුණු වේ. නමුත් ඉතා අවාසනාවන්ත ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සහ රජය මෙම ගැටලු තිරයකින් වසා දමමින් ගැටලු සහා විසදුම් ලබා නොදෙමින් ශ්‍රී ලංකාව තුල දැනටමත් ස්ථාපිත ප්‍රාථමික සත්කාර සේවා පද්ධතිය තවත් දියුණු කිරීම වෙනුවට දේශපාලනික වුවමනා ඉටු කර ගැනීම සහා නව ව්‍යාපෘති ආරම්භ කරමින් කටයුතු කරන බව අප නිරීක්ෂණය කර ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස මෙම කාරණා අප දකින්නේ ජනතාවගේ සහ රටේ මුදල් නිකරුනේ අපතේ යැවීමක් ලෙස වේ. එමෙන්ම මෙම ආරෝග්‍යා ව්‍යාපෘතිය සිදු කරමින් යන්නේ සෞඛ්‍ය සේවාවේ අවශ්‍යතාවයකට වඩා දේශපාලනිකව විවිධ පාර්ශවයන්ට ලකුණු දමා ගැනීමේ අවශ්‍යතාවයකට බව මනාව පෙනියයි.

කිසිදු පාර්ශවකරුවෙක් හා සාකච්ඡා නොකරමින් ශක්‍යතා අධ්‍යනයක් සහ සත්‍ය අවශ්‍යතාවයක් තිබේද යන්න පිළිබව මහජනතාව හෝ පාර්ශවකරුවන් දැනුවත් නොකරමින් සිදුකෙරෙන හුදු දේශපාලනික සංදර්ශනයක් සේ පෙනෙන්නට ඇති ආරෝග්‍යා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඇති ගැටලු ගණනාවක් පිළිබ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුවත් කර ඇත.

ඒ අනුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස ආරෝග්‍යා ව්‍යාපෘතියේ සෞඛ්‍ය කදවුරු සායන ඇතුලු සියලු කටයුතු සහා සහභාගි නොවී සිටිමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ සැබෑ ගැටලු හුනා ගනිමින් මෙම පද්ධතිය ශක්තිමත් කිරීම සහා කිසිදු සාධනීය ක්‍රියාමාර්ගයක් බලධාරීන් සිදු කර නැත.

ඒ අනුව ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ ඇති නිවැරදි ගැටලු හුනාගැනීම සහා පත් කරන ලද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කමිටුව විසින් අදාල කමිටුව වාර්තාව 2026.03.17 වැනි දින පැවැත්වෙන හදිසි මධ්‍යමකාරක සභා රැස්වීම සහා ඉදිරිපත් කිරීමට මේ වන විටත් සියලුම කටයුතු සුදානම් කෙරෙමින් ඇත. පවතින සියලු ගැටලු ඉතා පුළුල්ව සහ ගැඹුරින් අධ්‍යයනය කිරිමෙන් අනතුරුව ප්‍රාථමික සෞඛ්‍ය පද්ධතියේ ඉදිරි ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් තීරණාත්මක තීන්දු රැසකට මධ්‍යම කාරක සභා රැස්වීමේදි එළඹිමට නියමිතය.        

Previous Post Next Post