ධනපති ආණ්ඩු කලේ නැතත් කම්කරු ආණ්ඩුව ලංවිමට පාංශකූලය දුන්නා..


ඊයේ මධ්‍යම රාත්‍රියෙන්
ලංකා විදුලි බල මණ්ඩලය අවසන් ගමන් ගිය බවත්
, සේවක අයිතිවාසිකම් හෝ වරප්‍රසාද සුරැකෙන කිසිදු නෛතික ලියවිල්ලක් හෝ එකඟතාවයකින් තොරව ආණ්ඩුව මෙම පියවර ගෙන ඇති බවත් නව විදුලි සේවක සංගමයේ ලේකම් ප‍්‍රියන්ත වික‍්‍රමසිංහ මහතා පවසයි.

1996, 2004 සහ 2022 වසරවලදී එවකට පැවති ධනපති ආණ්ඩු විදුලි බල මණ්ඩලය ඈවර කිරීමට ගත් උත්සාහයන් වැඩවර්ජන සහ මහජන අරගල හමුවේ පරාජය කිරීමට සේවකයන් සමත් වූ බව ඔහු සිහිපත් කළේය.

කෙසේ වෙතත්, සේවකයන්ගේ කරපිටින් බලයට පැමිණි බව කියන වත්මන් කම්කරු ආණ්ඩුව විසින් විදුලි බල මණ්ඩලය නම් වූ ආයතනයට අවසන් ඇණය ගසා ඇති බව ඔහු චෝදනා කරයි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ලේකම්වරයා සඳහන් කළේ, ගල්අඟුරු භාවිතය සම්බන්ධයෙන් මේ වන විට රුපියල් කෝටි 871ක දැවැන්ත පාඩුවක් හෙළිදරව් වී ඇති බවයි.

මෙම පාඩුව ලබන අප්‍රේල් මාසයේ සිට විදුලි බිල හරහා ජනතාව මත පැටවීමට නියමිත බවත්, විදුලි බිල ඉහළ යාම හමුවේ ජනතාවට එය දරාගත නොහැකි වූ විට ඔවුන් අනිවාර්යයෙන්ම පාරට බසිනු ඇති බවත් ඔහු අනතුරු ඇඟවීය.

අතීතයේ විදුලියට අත ගැසූ සෑම ආණ්ඩුවකටම ගෙදර යාමට සිදු වූ බව පෙන්වා දුන් වික‍්‍රමසිංහ මහතා, මහජන සහයෝගය ඇතිව මෙම තීරණය ආපසු හැරවීම සඳහා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව ද වැඩිදුරටත් අවධාරණය කළේය.



7 Comments

  1. The generation division will report a huge lost.


    Now sharing profit or lost and run as one entity will finish

    ReplyDelete
  2. Get lost you mother fuker. Good thing AKD has done so far..

    ReplyDelete
    Replies
    1. Ya, ya, AKD - you mean Rathu Hundukabhaya, correct? - always does good things baby. Punchi Amma was a good thing a while ago now Pramishka is the GOOD thing. Oh my god, 323 containers, rice, onion, salt what not are also GOOD things . I forgot coal - that is again a good thing. My boy how about 'ටකරමක් ගියත් ලක්ස 10ක් දෙනවා' another GOOD thing right?. We call these things 'හිකෙන් පුනා'. Anyways new 1800 pickups are also GOOD thing. You need more????

      Delete
  3. Akd is doing a greate job !-(doing ranil"s job!)- more than ranil did !😄😄😄😵

    ReplyDelete
    Replies
    1. I think even ranil may go that far, I never heard A plan for privatizng ECONOMIC CENTERS .


      රනිල්ට වඩා හොඳට කියන එක මුන්ට අපහාසයක්, රනිල් ප්ව්ට් ජෙට් පැද්දේ නැහැ

      Delete
  4. මට ජෙප්පොගෙ සාධාරණීකරණ හෑලි කියවද්දී මතක් වෙන්නේ පරණ කතාවක් අනියම් පුරුෂයෙක් සමග සිට තම සැමි බමුණාට අතටම අසුවූ පසු ඇය එය කලේ තම සැමියාගේ අපල දුරුවීම සඳහා යාතු කර්මයක් ලෙස පැවසූ පසු මෝඩ බමුණ ඔවුන් දෙදෙනා තම කර මතින් ගම පුරා ආඩම්බරයෙන් රැගෙන යමින් තම බිරිඳ තමා වෙනුවෙන් කල පරිත්‍යාගයේ තරම වර්ණනා කිරීමයි

    ReplyDelete
  5. දැන් සැපද කියල තමයි අහන්න තියෙන්නේ

    ReplyDelete
Previous Post Next Post