යුද්දෙන් ගල් අගුරුත් මිල ගිහින්.. විදුලි ගාස්තු වෙනස් වේවා.. නමුත් අඛණ්ඩව විදුලිය දෙනවා..

 


රජයේ ප්‍රධානතම ඉලක්කය වන්නේ මෙරට ආර්ථික ක්‍රියාවලියට බාධාවක් නොවන පරිදි විදුලිය සහ ඉන්ධන අඛණ්ඩව සැපයීම සහතික කිරීම බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

සාමාන්‍යයෙන් අප්‍රේල් මාසය වන විට ගල්අඟුරු ගොඩබෑම අවසන් වුවද, ඇතැම් වසරවල එය ජූනි මාසය දක්වා දීර්ඝ වී ඇති බැවින් පවතින තත්ත්වය කළමනාකරණය කරගත හැකි බව අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය. කෙසේ වෙතත්, ලෝක වෙළඳපොළේ පවතින යුදමය තත්ත්වය හමුවේ බොරතෙල් සහ ගල්අඟුරු මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, ටෙන්ඩර් කැඳවීමේදී පවා සාමාන්‍ය කාලයට වඩා වැඩි මිල ගණන් ඉදිරිපත් වන බව ඔහු සඳහන් කළේය.

විදුලි හෝ ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදුවන්නේද යන්න පිළිබඳව මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, ලෝක වෙළඳපොළේ පවතින උච්චාවචනයන් හමුවේ මිල වැඩිවීමක් පිළිබඳව මේ මොහොතේ කිසිවෙකුටත් පුරෝකථනය කළ නොහැකි බවයි.

ලෝකයේ බලශක්ති සම්පත් බහුල රටවල් පවා මේ වන විට මිල ඉහළ දමා ඇති බවත්, රජය සියලු සාධක සලකා බලා ඉදිරියේදී තීරණ ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

රජයේ මූලික අවධානය යොමුව ඇත්තේ ජනතාවට පීඩාවක් නොවන පරිදි බලශක්ති සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම කෙරෙහි බවද ජයතිස්ස මහතා අවධාරණය කළේය

කෙසේ වෙතත් පවතින තත්වය යටතේ ප‍්‍රමුඛත්වය දෙන්නේ මිල ඉහල යාමට වඩා හිගයකින් තොරව අඛණ්ඩව බලශක්තිය ලබා දීමට බවත් ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

7 Comments

  1. අම්ණට සිරි ගල් අඟුරු සපයන දකුණු අප්රිකාවෙත් යුද්ධයක්ද ? නැත්තං කොහොමද ගල් අඟුරු මිල ඉහල යන්නේ ?

    ReplyDelete
  2. නලින්ද කොහොමද ගල් අගුරු මිල ඉහල යන්නේ. ගල්අගුරු ගෙනෙන්නේ අප්රිකාවෙන් නේද ? කාවද මේ රවටන්නේ. බලු ලපයාගේ අවතාර

    ReplyDelete
  3. පතිරණ ගලප්පත්තිMarch 20, 2026 at 11:44 PM

    යුද්ධය නිසා ලෝක තෙල් මිළ ඉහළ යාමත් සමඟ විකල්ප බලශක්ති භාවිතා කිරීම ඉහළ යාම නිසා ලෝකයේ ගල් අඟුරු වල ඉල්ලුම වැඩි වෙලා තියෙනවා, ප්‍රථිඵලයක් හැටියට ගල් අඟුරු මිළ ඉහල ගිහින් තියෙනවා 10%ත් 50%ත් අතර ප්‍රමාණයකින්. පෙබරවාරි වල මෙට්‍රික් ටොන් එකක මිළ වුණේ ඩොලර් 98, ඒත් මේ වෙනකොට මිළ ඩොලර් 145ක් වෙලා තියෙනවා. වසර තුළ මෙට්‍රික් ටොන් එකක මිළ 180ක් දක්වා ඉහළ යා හැකි බව පුරෝකතනය කරලා තියෙනවා. කරුණා කර කරුණු සොයා බලා අදහස් දක්වන්න. නැත්නම් සෙසු පිරිස් නොමඟ යැවීමට කටයුතු කිරීමෙන් වැලකී සිටීම සඳහා නිහඬව සිටින්න.

    ReplyDelete
    Replies
    1. පචරෙන ගලේපහරති ඩයි මයිනාගේ අසූචි ලොන්ඩරිය

      Delete
  4. පාහර බල්ලා 🤮😡

    ReplyDelete
  5. මේකියන ඒව දණහිසෙන් උඩට ගන්න බෑ

    ReplyDelete
  6. ස්වභාව ධර්මය විසින් දඬුවම් දීම.

    ReplyDelete
Previous Post Next Post